එජාපයේ DIGITAL එළිදැක්ම හෙට

0
84
UNP
2020 මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය විසින්  මුළු රටේම පාක්ෂිකයන් එකම වේලාවක ඩිඡිටල් වේදිකාවකට යා කිරීමේ නව සංකල්පයක් හඳුන්වාදීමට කටයුතු කර තිබේ.
“ශ්‍රී ලාංකේය දේශපාලනයේ රටම යාකරණ DIGITAL එළිදැක්ම” ලෙස නම්කර ඇති එය හෙට ( 28 ඉරිදා) සවස 4.00 සිට සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වීමට සියළු කටයුතු යොදා ඇතැයි එජාප මාධ්‍ය අංශය සඳහන් කළේය.
හෙට (28) ලංකාවේ සෑම ආසනයකම සවස 4.00ට 100 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුත් රැස්වීමක් සංවිධානය වන අතර, ඒවා කොළඹ ප්‍රධාන රැස්වීම සමග DIGITAL වේදිකාව හරහා සම්බන්ධ කිරීමට මේ වන විට කටයුතු සංවිධානය කර ඇතැයි වාර්තා වේ.
Covid – 19 තත්වය සැලකිල්ලට ගනිමින් අනෙක් දේශපාලන පක්ෂ සියල්ලන්ටම වඩා නව්‍යකරණය වූත් ශ්‍රී ලාංකේය ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂාව  ප්‍රමුඛ කරගන්නා වූත් ඩිජිටල් එළි දැක්මක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක මෙහෙයුම සිරිකොත පක්ෂ මූලස්ථානයේ  සිට මෙසේ එළිදැක්වීම සිදුකරන බව එජාප ප්‍රකාශකයෙක් කීය.
එම DIGITAL වේදිකාව සමගින්  එක්සත් ජාතික පක්ෂ නිල Facebook, Youtube, Instagram,  Linkedin සහ Zoom හරහා සම්බන්ධවිය හැකි බවද ඔහු වැඩිදුරටත් කීය.
srilankamirror.com