එජාපය දෙකට කරන න්‍යාය පත්‍රය කාගේද ?

0
197

UNP(4.45 pm ) දිනෙන් දින උණුසුම් වෙමින් ඇති ජනපතිවරණ දේශපාලන භුමිය මේ දිනවල කේන්ද්‍රගතව ඇත්තේ එජාපය මුල්කොට ගත් පුවත් පෙරටු කොටගෙනය.
සජිත් පිළේ කුරුණැගල ප්‍රබලයෙකු වන නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා සිය මුහුුණු පොතේ සටහනක් තබමින් කියා තිබුනේ කොට තිබුණේ  අලි ඉන්නා තවත් පක්ෂයකින් සජිත් එන බවකි.
කෙසේ වෙතත් සජිත් පිළ ඊයේ දිනයේ තිරාණාත්මක ප්‍රවේශයක් ගන්නවා යැයි කියමින් පුවත් පත් සාකච්ජාවක්ද පවත්වා තිබුණ අතර සවස් වරුවේ සිවිල් සමාජ ක්‍රියාකාරින් හමුවිමටද පියවර ගෙන තිබුණි.
එහෙත් එහි ගොස් සිටි බහුතරයක් සිවිල් ක්‍රියාකාරින් සජිත් ප්‍රේමදාස ගැන සිය විවේචන ඉදිරිපත් කරමින් කියා තිබුණේ ඔහු සිවිල් අරගලයන්ට සහය පළකරන ලද අයෙකු නොවන බවද අවධාරණය කරමිනි.
මේ අතර රූපවාහිනි නාලිකා දෙකක් අතර තරගයක් බවට පත්ව ඇති ජනපති සටන තුල කිලි මහරාජා සිය දිර්ඝ කාලින සැලැස්ම වු එජාපය තම අණසක යටතේ තබාගත හැකි නායකත්වයක් වෙනුවෙන් පක්ෂය කඩා දැමිම දක්වා දුරක් වුව යාමට සිතා කටයුතු කරන සෙයකි.
සිරසේ අනුග්‍රහය මත දේශපාලනය කරකවන ජනපති සිරිසේනද මේ වන විට එජාපය දෙකට කිරිමේ සිහිනය දකිමින් සිටිනවා විය හැක.
කෙසේ වෙතත් ඉදිරි දින කිපය එජාපය දෙකඩ කිරිමේ කූට සැලැස්මේ හිමිකරුවන් මේ දේශපාලන පොළව තුල හෙළිදව් වනු ඇත.හුදු ජනප්‍රිය දේශපාලන රැල්ලට ඔබ්බෙන් එහා සිතන ප්‍රගතිශිලින්ගේ අරගලය තුල පමණක් කිලි මහරාජා සහ ජනපති සිරිසේන එක මිටට තබා පරාජය කිරිම ලකුණු කර ගතහැකි වනු ඇත.
එහෙත් අවාසනාව වන්නේ සජිත් පිළේ අති බහුතරයක් මේ මොහොතේ කටයුතු කරන්නේ පිස්සනට හැතැම්ප නැති ගානටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here