එජාපය බලයට පැමිණි පසු ටෙන්ඩර ඉල්ලිමේ අවස්ථාව සැමටම විවෘත කරනවා – රවි කියයි

0
202

RAVI JEEWAමීගමුව මහනගර සභාවේ මුදල් කාරක සභාව නියෝජනය කරන එජාප නාගරික මන්ත්‍රි රවි ජිවානන්ද මහතා මිපුර වෙබ් අඩවිය වෙත ප්‍රකාශයක කරමින් කියා සිටියේ තමන් බලයට පැමිණි පසු නගර සභාවට අයත් සියලු ටෙන්ඩර විවෘත ක්‍රියාපටිපාටියක් යටතේ සැමට ඉල්ලුම් කළ හැකි එකක් බවට පත්කරන බවයි.
පවතින පාලනය විසින් ක්‍රියාත්මක කරමින් සිටින හිතැතියන්ට ටෙන්ඩර ලබාදිමේ වැඩපිළිවෙල මුලුමනින්ම නතර කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
එපමණක් නොව පැවැති නගර සභා පාලනය තුල වැරදි සිදුකරන ලද සියල්ලන්ට තරාතිරම නොබලාම දඩුවම් දිම සදහාද තම පාලනය මැලි නොවන බවද ඒ සදහා පුර්ණ මගපෙන්විම තමන්ගේ ආසන සංවිධායක රොයිස් විජිත මහතාගෙන් ලැබෙන බවද ඔහු අවධාරණය කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here