එජාපෙත් එක්ක එකට ඡන්දෙ දෙන්න අපි කැමැති නෑ- අපියි චාමරට කිව්වේ බිච්පාක් එකට පක්ෂ වෙන්න කියල-ලසපෙ කියයි

0
62

LSSP logoබීච් පාක් එක ඇතුළුව තවත් ටෙන්ඩර ගණනාවක් කලින් පැවති ටෙන්ඩර්කරුවන් වෙත 20% ක් වැඩිකරමින් යළිත් ලබාදෙන ඉල්ලා පසුගිය විශේෂ මහසභාවට ඉදිරිපත්වු යෝජනාවට එරෙහිව ඡන්දය දිමට සුදානමින් සිටි සන්ධානය නියෝජනය කරන ලංකා සමසමාජ පක්ෂයේ චාමර රුදිගු මන්ත්‍රිවරයා අවසන් මෙහොතේ එම තිරණය වෙනස් කලේ පක්ෂය විසින් කි නිසා බව මීපුර අමතා කථා කළ ලසපෙ මීගමුව බලමණ්ඩලයේ ප්‍රධාන නිළධාරියෙකු පවසා සිටියේය.
තම පක්ෂය කිසි විටකත් එජාපය හා එක්ව ඡන්දය දිමට සුදානම් නැති නිසා තමන් මේ තින්දුව ගත් බව පවසා සිටියේය.
කෙසේ වෙතත් අප කියා සිටියේ ඇමති නිමල් ලංසා මෙන්ම ඔහුගේ පියාද චාමර රුද්‍රිගු මන්ත්‍රිවරයාගෙන් මේ අවස්ථාවේදි ඔවුන්ට සහය දෙන ඉල්ලා ඇත යන්න තවදුරටත් ඇත්තක් බව අප ඉතා වගකිමෙන් යුතුව කියා සිටිමු.එමෙන්ම චාමර රුද්‍රිගු මන්ත්‍රිවරයා බිච් පාක් ටෙන්ඩර සියය ගණන් වැඩිකර ටෙන්ඩර කරනවාට එරෙහිව ඡන්දය භාවිතා කරන ලද අයෙකු බවද මෙහිලා සදහන් කරනු කැමැත්තෙමු.
කෙසේ වෙතත් මේ අවස්ථාවේදි ඒ තින්දුව වෙනස් කොට බිච් පාක් ටෙන්ඩරය කලින් කරගෙන ගිය අයටම ලැබෙන්නට සැලැස්විම සදහා ඡන්දය භාවිතා කලේය.
මේ අතර චාමර රුද්‍රිගු මන්ත්‍රිවරයා කියා සිටින්නේ  තමන් කිසි ලෙසකත් කිසිදු මුදලක් ඇමති නිමල් ලංසාගෙන් ලබානොගත් බවය.