එජාප නව නායකයා ලබන සතියේ: රනිල්, කරුව ‘නොකවුට්’ කරයි!! -රුවන්ට වැඩි ඉඩක්!!

0
79
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අවසන් තීරණය එළඹෙන සැප්තැම්බර් පළමු සතියේ

පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගැනීමට තීරණය වූ බව එම පක්ෂය පවසයි.

එම තීරණයට එළඹ ඇත්තේ අද (25) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විය.

පක්ෂ නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය පිළිබඳ මෙහිදී සාකච්ඡාවී තිබේ.

 

කරු එජාප සාමාජිකයෙක්වත් නෙමෙයි ලු !!!

පක්ෂ නායකත්ව අභියෝගය භාරගැනීමට සූදානම් යැයි හිටපු කථානායක කරු ජයසූරිය, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත ඊයේ යවා තිබූ ලිපිය පිළිබඳව ද මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය අවධානය යොමු වී ඇත.

එහිදී අදහස් දක්වා ඇති එජාප කළුතර දිස්ත්‍රීක් ලක්ෂ්මන් විජේමාන්න, පක්ෂ නායකත්වයට හිටපු කතානායක ගෙන ඒමේ අවශ්‍යතාවය පෙන්වාදී ඇත. එජාප නායකත්වයට සිංහල -බෞද්ධ විශ්වාසය දිනාගත් කරු ජයසුරිය වැන්නකුගේ අවශ්‍යතාවය පැහැදිලිකර ඇති ඔහු, මහ නායක හිමිවරුන්ගේ ස්ථාවරය ද එය යැයි අවධාරණය කර තිබේ.

”කරු ජයසුරිය කතානායක ධුරයට පත්වූ අවස්ථාවේදී පක්ෂයේ තනතුරුවලින් පමණක් නොව පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්වූ බව රනිල් වික්‍රමසිංහ අද පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අවධාරණය කට තිබේ.”

වහාම ඊට ප්‍රතිචාර දක්වා ඇති එජාප නායක රනිල් වික්‍රමසිංහ, පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ඉහල තනතුරකට පත්වීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හෝ විධායක සභාවේ සාමාජිකයකු වීමේ අවශතාවය අවධාරණය කර තිබේ. කරු ජයසුරිය කතානායක ධුරයට පත්වූ අවස්ථාවේදී එම තනතුරුවලින් පමණක් නොව පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්වූ බව ඔහු විසින් සිහිපත්කර ඇත.

එම නිසා පක්ෂ ව්‍යවස්ථාවට අනුව නායකත්වයට තරඟ කිරීමට කරු ජයසූරියට කිසිඳු අවස්ථාවක් නැතැයි අවධාරණය කර ඇති රනිල් වික්‍රමසිංහ, තමා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වනබව දැනුම්දී ඇති නිසා නායකත්වය අපේක්ෂා කරන තරුණ දේශපාලනඥයින්ට ඒ සඳහා මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඉදිරිපත්වීමට අවස්ථාව ඇතැයි දැනුම් දී ඇත.

එහිදී නවින් දිසානායක හිටපු මන්ත්‍රීවරයා, ”තරුණ නායකයකු කියන්නේ උදේ 10 ට නැගිටින අයකුට නොවේ” යැයි  සඳහන් කරනු ලැබුවේ, රුවන් විජේවර්ධන ඉලක්ක කර ගනිමින් බව එම රැස්වීමට සහභාගී වූ අයකු පැවසිය.

අවසානයේදී හිටපු අමාත්‍ය රංගේ බණ්ඩාර පවසා ඇත්තේ, මිට ඉහත දී පක්ෂ නායකත්වය සඳහා නම් 4ක් 5ක් ඉදිරිපත්වුවත් මේවනවිට එය 10-15 ක් දක්වා වර්ධනය වී ඇති බැවින් මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඡන්දයකින් හෝ ඒකමතික යෝජනාවකින් පක්ෂයේ නව නායකයා තෝරාගමු කියාය.

රනිල් වික්‍රමසිංහ ද ඊට එකඟතාවය පළකර ඇත.
theleader.lk