එජාප නාගරික මන්ත්‍රි සුමිත්ට පාට් දාමු නගරාධිපතිට එරෙහිව සියළු එජාප මන්ත්‍රිලා අද කොච්චිකඩේට ! !

0
77
dayan and sumith
නාගරික මන්ත්‍රි සුමිත් හට නගරාධිපති විසින් බැනවදින අයුරු/සාමාන්‍ය ජනයා සිටින්නේ සුමිත් සමගිනි.

(12.05 am ) ටයි  අදින්නේ මහත්තුරු යැයි අප අසා ඇත.එහෙත් දැන් ටයි අදින්නේ මහත්තුරුන්ම නොවන බව මිගමුවටත් රටටත් කියා දෙන්නේ අන් කිසිවෙකුත් නොව මිගමුවේ ප්‍රධාන පුරවැසියා විසින්මය.
ඇත්තට අද මිගමුවේ ඇත්තේ කප්පම් පාලනයකි. තවත් අයුරකින් කියන්නේ නම් මිගමුවේ ඡන්ද කොට්ටාශ 29 න් 7 ක් වත් හරිය ජයගැනිමට නොහැකි වු  පාලනයකි.
සුමිත් යනු එජාපෙන් කොච්චිකඩේට එදිරිපත්වු නවකයෙකි.
ඔහු පොහොට්ටුවේ පැරණි මන්ත්‍රින්ලාවද පරාජය කරමින් කොච්චිකඩේ ජයගනි.
ඉන් කියැවෙන්නේ කුමක්ද ?
කොච්චිකඩේ ජනතාව සැබැවින්ම සිටින්නේ සුමිත් සමගින් බවය.
තතු එසේව තිබියදි සැප් 19 වෙනිදා සවස් වරුවේ කොච්චිකඩේ නගරයට එන මෝසෙස් ලංසා නාගරික මන්ත්‍රි සුමිත්ට තර්ජනය කරමින් කියා ඇත්තේ ඔයා මෙතනට එන්නට ඕනේ නැතැයි කියාය.ඔයාට ආරාධනා කර නැතැයිද ඔහු තවදුරටත් කියා ඇත.සුමිත් මෙහිදි අසන්නේ සරල ප්‍රශ්ණයකි. තිබෙන වෙළද සැල කඩා දමන්නට තරම් හදිස්සියක් ඇතිවිය නොහැක්කේ තවමත් අඩුම තරමින් මෙම ස්ථානයේ වෙනත් ගොඩනැගිල්ලක් හැදිමට පුද්ගලික ණ ය මුදල් මුල්‍ය ආයතනයකින් වැඩි පොලියකට  ගැනිමට සිතා සිටිනවා විනා අඩුම තරමින් ඒ ණය මුදල අනුමත විද නැත. එවැන්නක් ඉල්ලුම් කර ඇති බවක් හෝ දැනගන්නට නැත.
තිබෙන ගොඩනැගිල්ල කඩන්නට යන්නේ මේ ඇගේ හැප්පෙන ඇත්ත යථාර්ථය එසේම තිබියදිය.
නිමල් ලංසාගේ මිතුරෙකු විසින් ( ඔහු වාස්තු විද්‍යාව විධිමත් ලෙසින් හදාරා ඒ අදාල විභාග සමත්ව ඇතිදැයි දන්නේද නිමල් ලංසාම පමණි එපමණ් නොව ඔහු විසින් මිගමුව කොටුව පිට්ටනිය අසල මාළු අලෙවි සැල නිර්මාණය කිරිම තුලින්ම අපට දැනුමේ දිගපළල සහතික නොබලාම තේරුම් ගැනිම පහසු කර  දි තිබේ.). යම් සැලැස්මක් ඇද ඇතැයි පැවසේ . එපමණකි.
ඒ අනුව ඇත්තේම ඇත්තේ සිහින මාර්කට්ටුවකි.
සිහින මාර්කට් එකක් සදහා තියෙන බිල්ඩින් කඩාදමන්නට යද්දි පරිපාලන විභාගය නිසි ලෙසින් සමත්ව ඇතැයි සිතිය හැකි පරිපාලන නිළධාරිණියක්ද  පසෙකින් සිටිම කොයිතරම් නම් අභාග්‍යයක්ද ?
දැන් අපට ඇත්තේ පළාත් පාලන කොමසාරිස්වරියට වගකියන පරිපාලන නෝනාලා නොවන බව මීගමුවේ බදුගෙවන ජනයා දැන් හොදින් තේරුම්ගතු යුතුව තිබෙ .
තතු එසේව තිබියදි මේ ගැන ප්‍රශ්ණ නොකරන්නේ නම් ඔහු හෝ ඇය ජෙට්වින්ග් බ්ලු හෝටලයේ බාල් කන්නට යන අයෙකුම පමණක් විය යුතුය.
කොට්ටාශය ජයගත් නාගරික මන්ත්‍රිවරයාට එසේ අණකළ හැක්කේ දේශපාලනය නොදන්නා අද බාලයෙකුට මිස වෙන කාටවත් නම් නොවේ.
මේ ගැන කියා දිමට දැනට ඉන්න උපදේශක මණ්ඩලය මදි නම් තවත් අය පත්කරගන්නා ලෙසද අප ඉල්ලා සිටිනු කැමැත්තෙමු.
ටයි අදින්නේ මහත්තුරුවන්ම නොවන බවත් නගරයේ ප්‍රධාන පුරවැසියාගේ හැටි වෙළද සංකිර්ණයේ වෙළඳ ජනතාව පවා ඉතා හොදින්ම දැනගත් බවත් දැන් හොදින් පැහැදිලිය.
මේ විගඩම් දකින ජේෂ්ඨ දේශපාලකයෙකු වු සරත් ගුණරත්න කියන්නේ මොනවාදැයි දැනගැනිමට අපත් කැමැතිය.
කෙසේ වෙතත් හෙට තිරාණාත්මකය.
එජාප ජයග්‍රහණය කළ කොච්චිකඩේ ප්‍රදේශයේ ජනප්‍රියතම දේශපාලකයා වු සුමිත් වෙනුවෙන් හෙට දිනයේ එජාපයේ සියළුම නාගරික මන්ත්‍රිරුන් හා මන්ත්‍රිවරියන් එක්ව මිගමුවේ වෙළද ප්‍රජාවගේ ප්‍රශ්ණ ගැන පොදු සාකච්ජාවක් පැවැත්විමට නියමිතව ඇත.
(ඡායා උපුටා ගැනිම මහනගර සභාවේ මාධ්‍ය අංශයෙනි )