එජාප පළාත් සභා මන්ත්‍රින්ගේ සහය සජිත්ටද ?

0
221

(7.50 pm ) දෙවන සංස්කරණය
දේශපාලනය අතිශය උණුසුම් වෙමින් තිබේ. දැනෙන උණුසුමේ තරමට හැගෙන්නේ ජනපතිවරණය තවමත් ප්‍රකාශයට පත්ව නොතිබියදිත් උත්සන්න කරමින් ඇති උණුසුම තවකොයිතරම් නම් දුරක් ගෙන යා හැකිදැයි කියාය.

විශේෂයෙන්ම ජනාධිපති අපෙක්ෂකයන් දෙදෙනෙකු සිය පක්ෂ විසින් දැනමටත් නම් කර තිබේ. ඒ අදාල පක්ෂවල සම්මත ක්‍රියාපටිපාටින්ට අනුව යමිනි.
තතු එසේව තිබියදි එජාප තුල සජිත් පාර්ශවය  කටයුතු කරමින් සිටින්නේ එක්තරා අන්දමකට චණ්ඩියාට අදිමිනි.අපට දෙන්නේ නැතිනම් පක්ෂයෙන් වෙන කෙනෙක් ඉල්ලුවොත් අපි පරාජය කරනවා යැයි කියන ගානකට විනය පිරිහි ගිය ඇතමුන්ගේ චණ්ඩි කථා වලින් දේශපාලන සමාජය පිරියමින් තිබේ.FB_IMG_1566304766578රොස් ප්‍රනාන්දු මහත්මිය විසින් මුහුණු පොතට මුදාහල ජායාරූපයකි.
ඒ තතු එසේව තිබියදි
සජිත් පාර්ශවයෙන් ලංකාවෙම පලාත් සභා නියෝජිතයින්ට තලවතුගොඩ මොනෑක් හෝටල් පරිශ්‍රයේදී හමුවක් සංවිධාන කර තිබින,150ක් ඉක්මවූ පලාත් සභා නියෝජිතයින් සැමගෙන් පැමිණ ඇත්තේ 28ක් බව හෙලිවී ඇති බව infosrilankanews.info වෙබ් අඩවිය ඡායාරුපද සමගින් පළකර තිබුණි
එමෙන්ම සජිත් පාර්ශවයට දැනටමත් සහය පළකිරිමට තින්දු ගෙන ඇති බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණි රෝස් ප්‍රනාන්දු  සිය මුහුණු පොතට මුදා හැර ඇති ඡායාරුප නිරික්ෂණය කිරිමේදි පෙනි යන්නේ 50 කට අඩු පිරිසක් ඒ අවස්ථාවේදි සිට ඇති බවය.ි
එමෙන්ම ඒ වන විටත් වාඩිවි ඇති පිරිසට වඩා වැඩි ප්‍රමාණයකින් හිස් පුටු ශාලාවේ පවතින බවද පහසුවෙන් නිරික්ෂණය කළ හැකි අතර මන්ත්‍රිවරුන් වාඩිවි සිටින පුටු පේලි 4 අඩකවයක හැඩයට යළි සකස් කර ඇති ආකාරයෙන් පෙනි යන්නේ අපේක්ෂිත පිරිස පැමිණ නැති බවකි.
එහෙත් මාධ්‍ය ඉදිරියට පැමිණි ඇමති අජිත් පෙරේරා කියා තිබුනේ පළාත් සභා මන්ත්‍රින් 123 කින් 93 ක් පැමිණ සිටි බවය.

පැමිණි සුළු මන්ත්‍රීවරුන් පිරිස
මුලාශ්‍රය -inforlankanews.info