එජාප ප්‍රධානින් පිරිසක් සමසෞඛ්‍ය සිසුහු හමුවෙති..

0
74

ශ්‍රිලංකාවේ සෞඛ්‍ය සේවාව තවදුරටත් ඉහල නංවාලිම අරමුණු කොට ගෙන සැකසුන සිව්අවුරුදු පාඨමාලා විද්‍යා උපාධියක් ලෙසින් ඇරඹි සමසෞඛ්‍ය උපාධිය මේ වන විට රටතුල මහත් වු ආන්දෝලනයක් නිර්මාණය කරමින් තිබේ.
ඒ රටපුරා විශ්වවිද්‍යාල 6  සිසුහු පාරට බැස දින 130 ක් පමණ ඉක්මවු අඛණ්ඩ උපවාසයක් කරගෙන යන නිසාවෙනි.
දැනට  සෞඛ්‍ය සේවාව තුල ඇති එකම උපාධිය වන්නේ එම්.බි.බි.එස් වෛද්‍ය උපාධිය පමණි.
සමසෞඛ්‍ය විද්‍යාවේදි උපාධිය යනු මේ ක්ෂේත්‍රයට එක්වු දෙවන උපාධි පාඨමාලාවයි.දැනට මේ සිව්වස් පාඨමාලාව නිමවා සිසු කාණ්ඩ කිපයක්ම විශ්ව විද්‍යාල වලින් සමුගෙනය.
එහෙත් එකි පාඨමාලාව 3 + කිරිම නිසා දැන් මේ අඛණ්ඩ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට අවතිර්ණ වන්නට සම සෞඛ්‍ය සිසුන්ට සිදුව තිබේ.
මේ අතර කොටුව දුම්රිය පළ ඉදිරිපිටදි ක්‍රියාත්මක සිසුන් ගේ සත්‍යග්‍රහයට සහය පළකරමින් සිසුන්ගේ ප්‍රශ්ණ ගැන කෙටි සාකච්ජාවක් සදහා එජාප ප්‍රධානින් පිරිසක් සිසු අට්ටාලය අසලට අද සවස යාමයේ පැමිණ තිබුණි.
මේ පිරිසට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මංගල සමරවීර ,එරාන් වික්‍රමරත්න,රුවන් විජේවර්ධන,සහ හර්ෂද සිල්වා එක්ව සිටිනු දක්නා ලදි.18