එජාප පාලනයක් යටතේත් මීගමුව බිච් පාක් එක ඇමති ලංසාගේ පියාටද ?

0
34

beach park 1යහපාලනයට දැන් තෙවන වසරට පාතබයි.එහෙත් මීගමුවට යහපාලනය ගලාගෙන ඒම අතර මග නැවැති ඇති සෙයකි.
මීගමුවේ වඩාත් අවධානයට යොමුව ඇති බිච් පාක් එක ගෙවුන දෙවසර තුලදිද නගර සභා ටෙන්ඩර් මගින් හිමිව තිබුන ඇමති නිමල් ලංසාගේ පියා වෙතමය.
ඔහු දැන් දශකයකටත් වැඩි කාලයක් මෙහි ටෙන්ඩර් හිමිකරුවාය.
ඒය ලබාගැනිම සදහා ඔහු කොයිතරම් හෝ මුදලක් වියදම් කරන්නට සුදානම්ය යැයි අපට හැගෙන්නේ මෙවර ටෙන්ඩර ඉල්ලා ඉල්ලුම් පත් ඉදිරිපත් කරන්නට යෙදුන සියල්ලන්ටම විශාල මුදලක් ගෙවා ඔවුන් නිහඩ කිරිම සිදුකළ අන්දම ගැන ඇසෙන විටය.
බිච් පාක් එක ඕනෑම ලංසුවක් තබා තමන්ගේ අතට ගැනිමට ඔහු සුදානම්ය.
මේ අනුව එජාප පාලනයක් යටතෙදිත් බිච් පාක් එකේ ටෙන්ඩරය හිමිවන්නේ ඇමති ලංසා පියාටමද ?
නැතහොත් එය ජනතා සුභ සිද්ධිය පතා මහනගර සභා පාලනයට නතු කරනු ලබන්නේද ?