සමඟි බලවේගයේ පුත්තලම් දිස්ත්‍රික් නායක නිරෝෂන් ගේ මිගමු ගෝලයාගේ ඡන්දයත් පොහොට්ටුවට !

0
73

piyumiමීගමු මෑත දේශපාලන ඉතිහාසය තුල පැවැති  තීරාණාත්මක අයවැය මිට සුලු මොහොතකට පෙර අවසන්වි තිබුනේ ජනතා ඡන්දයෙන් තේරි පත්වි ජනතාවට ද්‍රෝහි එජාප දේශපාලකයන් පිරිසක් ගැන රටටම හෙලිදරව් කරමිනි.

මේ අනුව අප කලින් ද හෙළිකරව් කර තිබුන පරිදි එජාප නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් අද රැස්විමට පැමිණ නොතිබුන අතර එසේ නොඑන අය ලෙසින් අප විසින් හෙලිදරව් කළ සජිත් මෝගන් සහ පියුමි යන නාගරික මන්ත්‍රිවරුන් අද අයවැයට පැමිණ පොහෝට්ටුවට සහය පලකර තිබුණි.
නාගරික  මන්ත්‍රි පියමි යනු පුත්තලම් දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ දිස්ත්‍රික් නායක නිරෝෂන් ප්‍රනාන්දුගේ කාර්ය මණ්ඩලය සමාජිකයෙකුවද සිටිමින් පඩි ලබන අයෙකු බවද සැලය

මේ අතර අප විසින් කලින්ම හෙළිදරව් කර සිටි පරිදි
මිගමුව එජාප ආසන සංවිධායක ගිහාන්  බෙන්ජමින්
හිටපු විපක්ෂ නායක රවි ජිවානන්ද
නාගරික මන්ත්‍රි නස්මියාර්
නාගරික මන්ත්‍රි මාක් සුජිත්
නාගරික මන්ත්‍රි මනෝජ්
නාගරික මන්ත්‍රි ගෝමස්

යන අය අද පැවැති අයවැය විවාදයට නොපැමිනෙමින් ලංසා පවුලට සිය සහය පලකර තිබුණි

මේ අනුව මිගමු අයවැයට පක්ෂව ඡන්ද 27 ක්ද විපක්ෂව ඡන්ද 14 ක් ද ලැබි තිබුණි.
මෙහිදි වඩාත් වැදගත්ම දෙය ලෙසින් වාර්තා කළ යුතුව ඇත්තේ මිගමු මහනගර සභාවේ තුල ලංසා පවුල මිගමුවේ මහජන සම්පත් සිය පුද්ගලික බුදල ලෙසින් පරිහරණය කිරිම බරපතල විවේචනයකට ලක්ව තිබුණ අතර විශේෂයෙන්ම නාගරික කොමසාරිස්වරිය,ගණකාධිකාරිවරිය සහ ලේකම්ගේ කාර්ය භාරයන් ගැන බරපතල විවේචනයක්ද එල්ලවි තිබුණි

අයවැයට විරැද්ධව ඡන්දය ප්‍රකාශ කළ එජාප මන්ත්‍රි කණ්ඩායම

විපක්ෂ නායක රොයිස් විජිත
නාගරික මන්ත්‍රි සංගිත්
නාගරික මන්ත්‍රිණි කාංචනා
නාගරික මන්ත්‍රි කැලිසන් ජයකොඩි
නාගරික මන්ත්‍රි ශ්‍රිනික
නාගරික මන්ත්‍රි නිව්මන්
නාගරික මන්ත්‍රි නාමල් වේවැල්දෙණිය
නාගරික මන්ත්‍රි සුමිත්
නාගරික මන්ත්‍රි රෝෂාන්
නාගරික මන්ත්‍රි චාමර

මෙයට අමතරව ජවිපෙ නියෝජිතයන් 3 දෙදෙනාද එක්සත් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝචනද අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.