එජාප පොහොට්ටු සන්ධානය නිසා මහනගර සභාවේ රු කෝටි 7 ක ඉතිරි කිරිම් අනතුරේ ?

0
55

NGB MC 2පසුගිය කාලය තුල මීගමුව මහනගර සභාවේ පරිපාලන අධිකාරිය විසින් උපයන ලද ආදායම් සහිත රු කෝටි 7 ක ඉතිරි කිරිම් මහනගර සභා ගිණුම් වල තැන්පත් කර තිබේ.
පිස්සන්ට හැතැම්ම තැනි ගානට දේශපාලන අධිකාරිය විසින් පසුගිය කාලය තුල හිතුමතේ වියදම් කිරිම් හේතුවෙන් මේ වන විට මහනගර සභාව මුල්‍ය අර්බුදයක පැටලි ඇත්තේ ඉදිකිරිම් වෙනුවෙන් ගෙවිය යුතුව ඇති මුදල් පවා ගෙවා ගැනිමට නොහැකි තත්වයක් නිර්මාණය කර තබමිනි.
මේ පසුබිම තුල එජාප මන්ත්‍රින්ට පොත් පත් ඇතුළු විවිධ වරදාන ලබාදි කුළුපහ කරගනිමින් ඒ අයගේද සහය මත රු කෝටි 7 ක තැන්පතුව කෙසේ හෝ ගෙන වැය කිරිම මේ නව කූට සන්ධානයේ යටි අරමුණ වි තිබේ.
බයනැනි අගමැති විසින් පත්කළා යැයි කියන ආසන සංවිධායක වෛද්‍යවරයා මිගමුවේ බදු ගෙවන ජනයා වෙනුවෙන් මේ රුපියල් කෝටි 7 ක රැකගැනිම සදහා ගනු ලබන පියවරයන් ගැන අප ඉතා අවදියෙන් යුතුව සිටින්නෙමු.
විපක්ෂයක් සිටිය යුත්තේ ජනතාව වෙනුවෙන් හරි පැත්තට ආණ්ඩු පක්ෂය යොමුකිරිමටය . එහෙත් දැන් මිගමුව තුල සිදුවෙමින් ඇත්තේ විවිධ වරදාන හමුවේ මිගමුවේ සමස්ථ ජනයාම පාවා දෙමින් කලාන්තරයක් තිස්සේ මිගමුවේ බදුගෙවන ජනයාගේ ආදායම් වලින් ඉතිරිකොට තැබු මුදල් ටිකද කබාසිනියා කිරිමේ තැනට කටයුතු සැලැස්සුම් විමය.
අරුමය වන්නේ මේ ඇත්ත මිගමුවේ බදු ගෙවන ජනයා අතරට ගෙනයාමට නිවරදි සන්නිවේදන ක්‍රමයක් නොතිබිමය.

ලංසා පාලනයට එරෙහිව කපිල වැඩඅල්ලන්නේ කවදාද?

ලංසා පාලනයට එරෙහිව මන්ත්‍රිවරයෙකු ලෙසින් පත්විම් නොලබා සිටියදි දැවැන්ත විරෝධතාවයක් එල්ල කරමින් සිටි කෙසෙල් ඇවරිය නවක මන්ත්‍රි කපිල නන්දසුලෝචන මහතා මිගමුවේ බදුගෙවන ජනයා වෙනුවෙන් සිය දේශපාලන වගකිම ඉටුකිරිමට යන අයුරු ගැනද අප මහත් ඕනෑකමින් යුතුව බලා සිටින්නෙමු.