එජාප මන්ත්‍රිවරියකට සම්බන්ධ කප්පම් කල්ලියක් ??

0
144

 

මීගමුවේ හිටපු එජාප ප්‍රබලයෙකු සිය ව්‍යාපාරික කටයුත්තක් ලෙසින් කටාන ප්‍රදේශයේ ඉඩමක් කැබිලි කර විකිණිමට යාමේදි කප්පම් කල්ලියකගේ තර්ජනයට ලක්ව ඇතැයි වාර්ථා වේ.
මේ කප්පම් කල්ලිය විසින් අදාල දේශපාලකයාට පවසා ඇත්තේ ඔවුන් සදහා ඉඩම් කැබිලි 2 කක් අවැසි බවය.
ඉඩම් කැබලි කර විකිණිමේ ව්‍යාපාරයක නිරත මීගමු හිටපු උපනගරාධිපතිවරයෙකු වු සුනිල් සිල්වා මහතා මෙසේ කප්පම් කල්ලියකට තර්ජනයට ලක්ව ඇත්තේ කටාන ප්‍රදේශයේදිය,පසුව ඔහු විසින් මේ බව කටාන  ආසනයේ එජාප සංවිධායකවරිය වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණි නිතිඥ රෝස් ප්‍රනාන්දු වෙත දන්වා ඇති බව සැලය.
ඇය විසින් පසුව සුනිල් සිල්වා හට පවසා ඇතැයි වාර්ථා වන්නේ ඒ පිරිසට යම් මුදලක් ලබාදි අදාල ව්‍යාපාරික කටයුත්ත සිදුකරගන්නා ලෙසය.
මෛත්‍රි පාලනයේ දින 20 තවමත් සම්පුර්ණ වි නොමැත.එහෙත් ඇතැම් ආණ්ඩුපක්ෂ දේශපාලකයන් විසින් යහපාලනයේ මුල් ගල් දැනටමත් ගලවන්නට පටන්ගෙන ඇති බව නම් පෙනේ.
මේ පිරිස විසින් ලක්ෂ 15 ක මුදලක් ඉල්ලා ඇති බව කියැවේ.
පසුගිය ලංසා පාලනය විසින් සුනිල් සිල්වා මන්ත්‍රිවරයාගේ නිවස පොඩිපට්ටම් කොට සිදුකළ මහා විනාශයෙන් පසුව බිදවැටුන ව්‍යාපාරික කටයුතු යළි සකස් කර ගැනිම වෙනුවෙන් සුනිල් සිල්වා මන්ත්‍රිවරයා  එජාපය අතහැර මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරිමට එක්ව තිබුණි.

Thugds