එජාප රැස්විමේ පිට්ටනි කථාව ගැන ලංසට රොයිස් දුන්න මරු උත්තරේ !

0
351

ranilනිමල් ලංසා මේ දිනවල තැන තැන කියමින් කියන කථාවක් ඇත.එනම් එජාපය අගමැති රනිල් වික්‍රමසිංහ කැදවා රැස්විම පවත්වා ඇත්තේ කුඩා පිට්ටනියක පවත් එහි සෙනග නැති බවත්ය.
මේ පිළිබදව ඊයේ පැවැති රැස්විම් කිපයකදි මෙන්ම අප කළ විමසුමකට  එජාප මීගමු සංවිධායක රොයිස් විජිත විසින්  කදිම පිළිතුරක් දි තිබුණි.
මහින්ද රාජපක්ෂ පවුල් පාලනයත් නිමල් ලංසා හවුල් පවුල් පාලනයත් එකවර දැවැන්ත පරාජයකට ලක්කළ පසුගිය ජනාධිපතිවරණයත් මහමැතිවරණයත් දෙකේම අවසන් රැළි පැවැත්වුයේද මේ ලෙයිටන් පිටියේදිම බවත්
2018 වසරේ නිමල් ලංසලාගේ පවුල් පාලනය මීගමුවෙන් සදහටම අතුගා දමන් පළාත් පාලන මැතිවරණ මීගමු රැළියද පැවැත්වුයේ මෙ ථෙතිහාසික ලෙයිටන් පිටියේදිම බවත්ය.
එබැවින් රාජපක්ෂලාගේ සහ ලංසලාගේ පරාජයේ මර්මස්ථානය ලෙස මීගමුව ලෙයිටන් පිටිය ඉතිහාසයට එක්වන බවද ඔහු අවධාරණ කර තිබුණි.
පරාජයෙන් වියරු වැටි ඇති නිම්ල් ලංසාල දැන් බාලබොළද කථා කියමින් මෝඩයන් සේ හැසිරෙමින් සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.