එජාප සමසභාපතිවරුන් නැතිව මීගමුවේ ප්‍රාදේශිය සංවර්ධන කමිටුව කැදවන්න පුළුවන්ද ?

0
53

negombo-lagoonමීගමුවේ ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සභාපති ලෙසින් ශ්‍රිලනිපය විසින් නම් කර ඇත්තේ මීගමුව ආසනයෙන් අන්තයට පරාජයට පත්ව අඩු මනාප ගණනක් ලැබු නිමල් ලංසා නියෝජ්‍ය ඇමතිවරයාය.
අනික් කරුණ වන්නේ ඔහු ඇත්තටම ආසන සංවිධායකයා වන්නේ වත්තලටය. මීගමුව ගේ ආසනයට  නොවේ .
තතු එසේ වුවද ශ්‍රිලනිපය විසින් නිමල් ලංසා පත්කර තිබේ.
එහෙත් එජාපයේ නියෝජිතයා කව්රුන්දැයි තවමත් නොදනි.
ඔහු දැනට පත්කර නොමැත.
එවන් පසුබිමක මීගමුව ප්‍රාදේශිය ලේකම්වරයා විසින් ලබන 25 වෙනිදාට මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ පළමු රැස්විම කැදවා ඇත.
එජාප නියෝජිතයා නැතිව මෙම රැස්විම කැදවිම සදාචාර නොවන්නේ යැයි කියමින් අප ඇසු ප්‍රශ්ණයට පිළිතුරු දුන් ප්‍රාදේශිය ලේකම්වරයා කියා සිටියේ මේ මාසය අවසන් විමට කලින් මෙම රැස්විම පවත්වන ලෙස දිසාපතිවරයාගෙන් ලැබි ඇති උපදෙස් මත තමන් ක්‍රියාකරන බවය.
කෙසේ වෙතත් කටාන ආසනය තුල පැවැත්විමට නියමිත මෙම රැස්විමට තවමත් දිනයක් ලබාදි නැතැයිද වාර්ථා වේ.