එදා කටාර් ගුවන් යානය අනතුරකට ලක්වුණා නම් මීගමු රෝහල සුදානමින් සිටියාද ?

0
82

stock-photo-schiphol-amsterdam-netherlands-april-boeing-fdz-a-bfe-of-qatar-airways-cargo-485384785පසුගිය දිනක කටාර් ගුවන් සේවයට අයත් යානයක් හදිස්සියේම කටුනායක ගුවන් තොටුපල වෙත ගොඩබැස්සවිමට සිදුව තිබුනේ එහි නියමු මැදිරිය තුලින් දුමක් ඇතිවිම නිසාය.
කෙසේ වෙතත් සුපුරුදු පරිදි මීගමුව හා අවට රෝහල් වෙත මෙම හදිස්සි ගොඩබැස්සවිම පිළිබදව දන්වා තිබුණේ සුදානමින් සිටින්නටය.
මීගමුව රෝහලේ ඒ වන විට පැවති තත්වය අනුව 200 ඉක්ම වු මගින් සිටින යානයක කිසියම් අනතුරක් සිදුව තිබුණි නම් ඒ තුවාලකරුවන් සදහා ප්‍රතිකාර කිරිම මහත් වු අර්බුදයක් වන්නට තිබුණි.
ඒ වින විටත් රෝහල තුල සිටින ඩෙංගු රෝගින් සියළු දෙනා නිසි ලෙසින් නිරික්ෂණය කරමින් ජිවිත අවදානම් වලින් මුදලවා ගැනිමත් අර්බුදයකව පවතින යථාවක් තුල ගුවන් අනතුරක රෝගින් සදහා ප්‍රතිකාර කිරිම සිතාගැන්මට පවා නොහැකි වගකිමක් වන්නට තිබුණි.
මේ යථාර්ථය ගැන බලධාරින් බරපතල ලෙස සිතිම තවදුරටත් මගඅරින්නේද ?