එදා කලදුටු කළ වළ ඉහගත් දේශපාලකයින් නිසා අද පාර මැද නරා වලක්…

0
364

 

වල 1වල 3

( 8.00 am ) කුට්ටිදූව ලෙල්ලමට අැතුළුවන වාහන නවතා තබන ස්ථානයේ වැසි දිනවල වතුර පිරුනු වලකි. වල නිසා එම පාරේ ගමන් කරන අයට වල මගහැර දෙපැත්තෙන් ගමන් කිරීමට සිදුවේ. මෙය හොරකම් කලත් වැඩක් කලාය කියමින් සමහරු සතුටින් පිළිගත් නායකයින්ගේ එක වැඩකි. මීගමුව බස් නැවතුම්පල එවැනි තවත් වැඩකි. මේ දේශපාලකයින්ගේ තවත් ඒ වර්ගයේ වැඩ රාශියකි.

කුට්ටිදූව ලෙල්ලම පිටත සේම ඇතුලතද විවිධ ප්‍රශ්ණ මතුවී ඇත. මීට පෙරද අපි මේ ගැන කිහිප වතාවක් සඳහන් කරමින් ලිපි පලකළෙමු. එසේම මේ සියල්ල මැතිවරණ කාලයේදී මැතිවරණ පොරොන්දුවක් පමණි. නමුත් දේශපාකයින්ට මැතිවරණයෙන් පසු මේ සියල්ල අමතකය.

කෙසේ නමුත් මෙම මාළු ලෙල්ලමට පැමිණෙන පිරිස අතර ධීවර ජනතාව , වෙළඳුන් සහ අනෙකුත් පාරිභෝගික ජනතාව මෙන්ම විදේශිකයින්ද වේ.මීගමු නගරය සංචාරක කලාපයක් වශයෙන්ද නම්කර ඇත්තේ මේ අනුවය. මෙසේ මීගමුව ගැන ලොකුකතා කියමින් පම්පෝරි ගහන දේශපාලකයින්ට මේ තත්වය නොතේරුනද සාමාන්‍ය ජනතාවට මෙහි පවතින තත්වය පැහැදිළිය. එබැවින් ජනතාව වෙනුවෙන් මෙම නරාවල වසාදමා පාර යථාතත්වයට පත් කරන ලෙස අප අදාල බලධාරීන්ට අවධාරණය කර කියා සිටිමු.

සැම්සන් ඥානසිරි

වල 2