එදා මාධ්‍යවේදින්ට සැනිටයිසර් බෙදපු නගරාධිපති අයවැය දවසේ මාධ්‍යවේදින්ව එලියට දාලා. ?

0
60

IMG-20201209-WA0024මීගමුවේ ජනතාවගේ ඉදිරි වසර ගැන ඉතාමත් තීරාණාත්මක වු අයවැය ඊයේ පැවැත්වුන අතර මෑත ඉතිහාසය තුල අයවැය විවාදයක් පැය 4කටත් වඩා කාලයක් පැවතිම සම්බන්ධයෙන්ද එය ඉතිහාස ගතනු ඇත.මිගමු නගරය පාලනය කප්පම් වරදාන හරහා සිදුකරමින් සිටින පසුබිමක ඊයේ විපක්ෂය ඒකාබද්ධ මේ කප්පම් වරදාන දේශපාලනයට එරෙහිව පළමු වෙඩිමුරය පත්තු කර තිබේ.එවන් ඉතාමත් වැදගත් සභාවක් ආවරණය කිරිමට නගරාධිපතිවරයා විසින් මාධ්‍යවේදින්ට ඉඩ ලබානොදිම සැබැවින්ම පිළිකුල් සහගතය.ඉන් කියැවෙන්නේ ඊයේ දිනයේ විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද අතිශය විවේචනාත්මක කතා මිගමුවේ බදුගෙවන ජනයා අතර යාම ගැන නගරාධිපති දයාන් ලංසා ඇතුලු පාලකයන්ට තිබුන අකමැත්ත බව ඉතා පැහැදිලිය .පසුගිය දිනක මාධ්‍ය සංදර්ශන පවත්වා මාධ්‍යවේදින් රැකගත යුතුව යැයි කියා ලොකු කතා කියමින් සැනිටයිසර් බෙදු නගරාධිපති අද අපව එළියට දමා ඇතැයි ඊයේ දිනයේ නගර සභා භුමිය තුල සිටි මාධ්‍යවේදින් කියා තිබුණි.