එදා මුස්ලිම් මාධ්‍යවේදියාට කටුවපිටිය පල්ලිය තහනම් වුණා ! දැන් අස්ගිරිය පන්සලත් ඒ දේම කරලා !

0
120

කටුවපිටිය පල්ලියමුස්ලිම් මාධ්‍යවේදින්ට වෙනස් කොට සැලකිම පසුගිය කාලය තුල ඉතාමත් නින්දිත අයුරින් ක්‍රියාත්මක වන ආකරය ඉතා පැහැදිලිව දකින්නට තිබේ.
මේ නිහින වරද මුලින්ම සිදුකරන ලද්දේ මිගමුව කටුවාපිටිය පල්ලියේ සිටි පියතුමන්ලා පිරිසක් විසිනි . පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු කටුවාපිටිය දෙව්මැදුර ආගමික වතාවත් වෙනුවෙන් විවෘත වු දිනයේ එය ආවරණය වෙනුවෙන් එදා සිරස මාධ්‍ය ආයතනය විසින් පවරා තිබුනේ එම් .ඉසෙඩ් සහජාන් වෙතය.
බොම්බ පිපිරුන දිනයේ සිට දිවා රැ නොබලා මාධ්‍ය වාර්ථාකරණයේ නියැලුන සහජාන් මාධ්‍යවේදියා එදිනද දේවස්ථානය තුල වාර්තාකරණයේ යෙදෙමින් සිටියදි එක් පියතුමෙකු ඔහුව කැදවා පවසා තිබුනේ වාර්තාකරණය නවතා පිටව යන ලෙසය.
( මේ අවස්ථාවේදි මේ පියතුමන්ලාවද නොමග යවා මුස්ලිම් මාධ්‍යවේදියාට එරෙහිව කේලම් කි පජාත සිංහල මාධ්‍යවේදියෙකු ගැනද අපට සැකයක් තිබේ.)
කව්රුන් ගතු කිවද පල්ලියේ පියතුමන්ලා කලේ නිහින ක්‍රියාවකි. එයට කිසිදු සමාවක් ඇත්තේම නැත.

දැන් දෙවන සිදුවිම වාර්තා වන්නේ අස්ගිරියෙනි .එය දේදුණු සංවාද  මෙසේ සටහන් තබා තිබුණි.

ගුවන් හමුදාපතිවරයා විසින් අස්ගිරි මහා නායක හිමියන් හමු වීමට පැමිණි අවස්ථාවක දී මාධ්‍ය ආවරණය සඳහා පැමිණි ජනමාධ්‍යවේදීන් අතරින්, ලේක්හවුස් ආයතනයේ මුස්ලිම් ජනමාධ්‍යවේදියකුට පමණක් එම අවස්ථාව ප්‍රතික්ෂේප කර තිබේ. මෙය ඔහුගේ ජනවර්ගය මත සිදු කරන ලද වෙනස් කොට සැලකීමක් ද යන්න සැකය මාධ්‍ය අයිතිවාසිකම් ක්‍රියාකාරීන් විසින් මතු කර ඇත. ඔහුගේ ජනවර්ගය පදනම් කර ගනිමින් මෙම වෙනස් කොට සැලකීම සිදු කර ඇත්නම් මෙය අදාළ ජනමාධ්‍යවේදියාගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් වන අතර, මෙම සිද්ධිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කඩිනම් අවධානයට යොමු විය යුතු බව අපේ විශ්වාසයයි.

මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය Fmm Sri Lanka මෙම සිද්ධිය තරයේ හෙළා දකියි. ඔවුන්ගේ ප්රකාශය අනුව ලේක්හවුස් ජනමාධ්යවේදී ඒ. අමිනුල්ලා මහතා “ශ්රී ලංකා ගුවන් හමුදාපතිවරයා අස්ගිරි පාර්ශවයේ මහා නායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීමට ජුලි 21 පැමිණි අවස්ථාවේ මාධ්ය ආවරණය පැමිණ ඇත්තේ ගුවන් හමුදාව විසින් මාධ්ය වෙත කරන ලද ආරාධනයක් පදනම් කර ගනිමිනි. අමිනුල්ලා මහතා ගේ සහභාගිත්වය වළක්වන අවස්ථාවේ, ඔහු සිය නිල රාජකාරි හැඳුනුම් පත ඉදිරිපත් කරමින්, තමන් පැමිණියේ සිය මාධ්ය ආයතනය වෙනුවෙන් රාජකාරියක් පිණිස බව ප්රකාශ කොට ඇත. එහෙත් මහා නායක ස්වාමීන් වහන්සේගේ ආරක්ෂක අංශය ඊට ඇහුම්කන් දී නොමැත. වාර්තා වන අන්දමට අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේගේ ආරක්ෂක අංශය සමන්විත වන්නේ අමාත්යාංශ ආරක්ෂක අංශය හා මහනුවර පොලිසියට අනුයුක්ත නිලධාරින් ගෙනි.” මෙම ඉඩ නොදීම සම්බන්ධයෙන් සාධාරණ හේතු දැක්වීමක් සිදු කර නැත.

“මාධ්යවේදියා ගේ ජාතිකත්වය හෝ සමාජ පසුබිම නොසලකා තමන් ගේ වෘත්තීය කටයුතු නිදහසේ බාධාවකින් තොරව කර ගෙන යාමට අවශ්ය පසුබිම හා වාතාවරණය සකස් කිරීම බලධාරින් ගේ වගකීම බව” නිදහස් මාධ්ය ව්යාපාරය විසින් තවදුරටත් අවධාරණය කර ඇත.

✍️ නිදහස් මාධ්ය ව්යාපාරයේ මාධ්ය නිවේදනය පහතින්.

දේදුනු සංවාද
2019 ජූලි 26

(මෙම පෝස්ටුවෙහි අයිතිය දේදුනු සංවාද සතුයි. Share කිරීමකින් තොරව උපුටා ගන්නේ නම් දේදුනු සංවාද – Dedunu Sanwada Tag කිරීමට කාරුණික වන්න.)

✍️ නිදහස් මාධ්ය ව්යාපාරය ඊයේ නිකුත් කළ මාධ්ය නිවේදනය පහතින්.

2019 ජුලි 25

මාධ්ය නිවේදනය

ජනමාධ්යවේදී වාර්තාකරණයට මහනුවරදී ආරක්ෂක අංශ බාධා කරයි- නිදහස් මාධ්ය ව්යාපාරය

රී ලංකා ගුවන් හමුදාපතිවරයා අස්ගිරි පාර්ශවයේ මහා නායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීමට ජුලි 21 පැමිණි අවස්ථාවේ, මාධ්ය ආවරණය පිණිස පැමිණි ලේක්හවුස් මාධ්යවේදී එම්.ඒ.අමිනුල්ලා මහතාගේ රාජකාරියට බාධා කිරීම නිදහස් මාධ්ය ව්යාපාරය දැඩිව හෙළා දකියි.

අප වෙත වාර්තා වු අන්දමට මාධ්යවේදී එම්.ඒ.අමිනුල්ලා මහතා ඊට සහභාගි වි ඇත්තේ ශරීලංකා ගුවන් හමුදාව විසින් එම අවස්ථාව ආවරණය කිරීම පිණිස මාධ්ය ආයතන වලට කරන ලද ආරාධනයක් අනුවය. අමිනුල්ලා මහතා ගේ සහභාගිත්වය වළක්වන අවස්ථාවේල ඔහු සිය නිල රාජකාරි හැඳුනුම් පත ඉදිරිපත් කරමින්, තමන් පැමිණියේ සිය මාධ්ය ආයතනය වෙනුවෙන් රාජකාරියක් පිණිස බව පරකාශ කොට ඇත. එහෙත් මහා නායක ස්වාමීන් වහන්සේගේ ආරක්ෂක අංශය ඊට ඇහුම්කන් දි නොමැත. වාර්තා වන අන්දමට අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේගේ ආරක්ෂ අංශය සමන්විත වන්නේ අමාත්යංශ ආරක්ෂක අංශය හා මහනුවර පොලිසියට අනුයුක්ත නිලධාරින් ගෙනි. සාධාරණ හේතු දැක්වීමකින් තොරව මාධ්යවේදී අමිනුල්ලාට පමණක් එම අවස්ථාව ආවරණය කිරීමට ඉඩ නොදීම මගින් කරුණු වාර්තාකරණයට ඉඩ නොදීම හැරුණු විට, ඔහුට වෙනස් කොට සැලකීමක්ද සිදුව තිබෙන බව නිදහස් මාධ්ය ව්යාපාරයේ පිළිගැනීමයි.
මාධ්යවේදියා ගේ ජාතිකත්වය හෝ සමාජ පසුබිම නොසලකා තමන් ගේ වෘත්තීය කටයුතු නිදහසේ බාධාවකින් තොරව කර ගෙන යාමට අවශ්ය පසුබිම හා වාතාවරණය සකස් කිරීම බලධාරින් ගේ වගකීම බව නිදහස් මාධ්ය ව්යාපාරය අවධාරණය කරයි.

සී.දොඩාවත්ත
ලසන්ත ද සිල්වා
කැඳවුම්කරු
ලේකම්