එදා මෙන් අදත්, අද මෙන් ඉදිරියටත් රැන්කා  ෆුඩ් හවුස්  ඔබ වෙනුවෙන් .  ..

0
271
.
සාම්ප්‍රදායිකත්වය මත රැඳෙමින් අලුත් අලුත් දේ රැගෙන එන ” රැන්කා ෆුඩ් හවුස් ” හී ඉතිහාසය දශක ගණනාවකට විහිදී යයි.
එලෙසම රැන්කා ෆුඩ්ස් ආර්ථිකමය වශයෙන් ලාභයම පමණක් අරමුණුකොට නොගෙන , තමන් වෙත පැමිණෙන සහ තමන් පිළිබඳව විශ්වාසය තැබූ පාරිභෝගිකයන් හට උපරිම අයුරින් පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න ආහාර පාන සැපයීමේ සදහා මුලිකත්වය දෙන තැනකි

 

 

img 20240814 wa004518791393824768930957

img 20240801 wa00201768415915219039371

රැන්කා  ඉතිහාස කථාව …

රැන්කා ෆුඩ්ස් ආයතනයේ හිමිකරු බුද්ධික ද සිල්වා මහතා සඳහන් කරන පරිදි සිය පියානන්ගේ පියා හෙවත් තම සියා වන කියුරියස් මෙන්ඩිස් ද සිල්වා මහතා 1922 වසරේදී මීගමුව-මීරිගම පාරේ මහාහුණුපිටිය ප්‍රදේශයේ දී ” කියුරියස් බේකරිය ” ආරම්භ කරන ලදී.

කියුරියස් බේකරිය තුලින් ලද ආභාෂය මත සිය පියා වන කුලතිලක ද සිල්වා මහතා විසින් 1953 දී මීගමුව හලාවත පාරේ පෙරියමුල්ල මංසන්ධිය (ලයිට් සිග්නල් අසල) ආසන්නයේ ආරම්භ කළ ” කැප්ටන් බේකරිය සහ හෝටලය” මීගමු පුරවරයේ දශක ගණනාවක් පුරා පාරිභෝගිකයින් දස දහස් ගානකගේ රස නහර පිනවු බේකරි නිෂ්පාදන ඇතුළු වෙනත් ආහාර පාන සැපයූ ප්‍රමුඛතකම සහ ජනප්‍රිය අවන්හලක් විය.

අද වන විට මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශය රාත්‍රී අවන්හල් සහ ජනප්‍රිය අවන්හල් රාශියකින් සැදුම්ලත් හෝටල් සහ අවන්හල් කලාපයක් වුවද, මීට දශක කිහිපයකට කලින් පෙරියමුල්ල ප්‍රදේශයේ එවකට පැවැති සීමිත හෝටල් කිහිපය අතරින් මීගමු ප්‍රදේශයේ වසන කාගේත් පාහේ ප්‍රමුඛතම සහ ජනප්‍රියතම හෝටලයක් බවට පත් ව තිබුනේ කැප්ටන් හෝටලය සහ බෙිකරියයි .

කුලතිලක ද සිල්වා මහතාගේ අභාවයෙන් පසුව කැප්ටන් බේකරියේ සහ හෝටලයේ හිමිකාරිත්වය පැවරුණේ බුද්ධික ද සිල්වා මහතාටයි. තම සීයා වන කියූරියස් මෙන්ඩිස් ද සිල්වා මහතා සහ තම පියාණන් වන කුලතිලක ද සිල්වා මහතාගේත් දැක්ම වූ සාම්ප්‍රදායිකත්වය තුළ රැඳෙමින් අවශ්‍ය අවස්ථාවක නව තාක්ෂණය ද යොදා ගනිමින් වඩාත් සාධාරණ මිල ගණන් යටතේ තම පාරිභෝගික ජනතාව වෙත උසස් ආහාරපාන සැපයීම සිය පරමාර්ථය බවට පත් කරගන්නට බුද්ධික සිල්වා මහතා ද කටයුතු කළේය.

කොළඹ හලාවත මාර්ගය පුළුල් වීමත් සමග පෙරියමුල්ල මංසන්ධියේ ආලෝක සංඥා පූවරු සවිකිරීම සහ මාර්ගය වඩාත් පුළුල් වීම නිසා කැප්ටන් හෝටලයට පැමිණෙන පාරිභෝගිකයන්ට සිය වාහන නවතා තැබීමේ පහසුකම් නොමැති වී යාම නිසා ද 2000 දශකයේදී එතෙක් කැප්ටන් හෝටලය සහ බේකරිය නමින් පවත්වාගෙන ගිය සිය ව්‍යාපාරය අලුත් තැනකට ගෙනයාමට තීරණය කළේය.

img 20240814 wa003812410377993255809885

දශක දෙකකටත් වඩා පැරණි රැන්කා මතකය.. ….

img 20240814 wa004637122815632098133861

 

img 20240814 wa004411016004404621180140

img 20240814 wa004825786848565111285042

img 20240814 wa004125315854728305522245

img 20240814 wa004323876256497002212338

ඒ අනුව මීගමුව කොළඹ පාරේ කටුනායක, 18 කනුව මංසන්ධියට නුදුරින් රැන්කා ෆුඩ් හවුස් ලෙසින් 2003 වසරේදි නව අවන්හලක් ආරම්භ කළේය . වර්තමානයට ගැලපෙන අයුරින් එලෙසම අලුත් පරම්පරාවකට ගැලපෙන පරිදි වඩාත් නව්‍යකරණ අංග රැසකින් සමන්විත කටුනායක ප්‍රදේශයේ ආරම්භ වූ රැන්කා ෆුඩ් හවුස් අවන්හලේද පරමාර්ථය වී තිබුණේ වැඩි වශයෙන්ම සාම්ප්‍රදායික බව රැකගත් ශ්‍රී ලාංකික ආහාරපාන පිරිසිදුව හා සෞඛ්‍යාරක්ෂිතව,කාටත් දැරිය හැකි මිල ගණන් වලට තම පාරිභෝගිකයන්ට ලබාදීමය. එතැන් පටන් අද දක්වාම එනම් දශක දෙකකට අධික කාලයක් පෙර පරිදිම ලාභ අපේක්ෂාවෙන් ඔබ්බට යමින් සිය පාරිභෝගිකයන්ට උසස්තම බේකරි නිෂ්පාදන සහ වෙනත් ආහාර පාන සැපයීමේ සේවාව තුළ මීගමුව පුරවරයේ දහස් ගණනකගේ විශ්වාසය දිනා ගන්නට රැන්කා ෆුඩි හවුස් ආයතනයට හැකි වී තිබේ.

img 20240814 wa003713826834562891852577

 

 

 

 

රැන්කා ස්පෙෂල්. …..

img 20240711 wa00532127279147550301830img 20240816 wa0034818074021581335374img 20240711 wa00545900242535864689771img 20240814 wa003913825469109709908706මේ අනුව රැන්කා ෆුඩ් හවුස් සාම්ප්‍රදායික බව ආරක්ෂා කර ගනිමින් නව ආහාරපාන වර්ග රැසක් මේ වන විට සිය පාරිභෝගිකයන්ට හඳුන්වා දී තිබේ. ඒ අනුව චිකන් සහ සී-ෆුඩ් කොත්තු රොටීද මේ වන විට දැඩි පාරිභෝගික ආකර්ෂණයක් සහිත කොත්තු රොටී වර්ග ලෙස හඳුන්වා දිය හැක. එමෙන්ම ළඟදි හඳුන්වා දුන් ” රැන්කා ස්පෙෂල් කොත්තු රොටී මේ වන විට දැඩි පාරිහෝගීක ඉල්ලුමක් සහිත කොත්තු රොටි විශේෂයක් ලෙස හඳුන්වා දිය හැක.

එමෙන්ම චිකන් සහ සීෆුඩ් ඇතුළුව රැන්කා ස්පෙෂල් චොප්සි රයිස් මේ වන විට රැන්කා ෆුඩ් හවුස් වෙතින් හඳුන්වා දී තිබේ. එමෙන්ම රැන්කා ෆුඩ් හවුස් වෙතින් හඳුන්වා දී ඇති “හොට් බැටර් කට්ල් ෆිෂ් ” ඉතාම ජනප්‍රිය ආහාරයක් ලෙස ද නම් කල හැකිය.

එමෙන්ම රැන්කා ෆුඩ් හවුස් හඳුන්වා දී ඇති බූෆේ ක්‍රමයට පිළිගන්වන උදෑසන ආහාරය ( Breakfast ) මේ වන විට කා අතරත් ඉතා ජනප්‍රිය වී තිබේ. ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික උදෑසන ආහාර වන බත්, පාන්, රොටී සහ ඉඳිආප්ප ඇතුළු ආහාර සම්බෝල සහ ව්‍යංජන සමග තමන්ට රිසිසේ තමන් කැමති පරිදි බෙදාගෙන කෑමට මෙහිදී අවකාශ සලසා දී තිබේ.

පෝෂ්‍යදායී සමබර ශ්‍රී ලාංකීය දහවල් ආහාර වෙලක් …….

img 20240807 wa014713437835693161789067img 20240807 wa01458401397905592216469දහවල් ආහාරයද (Lunch) බුෆේ ක්‍රමයට තමන්ට කැමති සේ බෙදා හදාගෙන කෑමට රැන්කා ෆුඩ් හවුස් අවකාශ සලසා දී තිබේ.

 

හවසට, කකුළු කරිය සමග රෝස් පාන්

img 20240807 wa01497012128006279206548එලෙසම රැන්කා ෆුඩ් හවුස් වෙතින් මේ මෑතකදී හඳුන්වා දී ඇති කකුළුවෝ හොදි සමඟ රොස් පාන් මේ වන විට ඉතාම ජනප්‍රිය වී තිබේ. රැන්කා ෆුඩ් හවුස් සතු පාන් ඇතුළු බේකරි නිෂ්පාදන පිළියෙල කරන සාම්ප්‍රදායික අමුද්‍රව්‍ය සහ පිළියෙල කරන සාම්ප්‍රදායික ක්‍රමවේද අනුගමනය කරමින් නිෂ්පාදනය කරන විශේෂිත වූ රෝස පාන් මේ සඳහා පාරිභෝගිකයාට ලබා දේ.

විවිධ විවිධ වූ රස සොයන රසවතුන්ට කකුළුවෝ කරී සමඟ රෝස්පාන් නවමු අත්දැකීමක් ලබා දෙනු නිසැකය.

රැන්කා කේක් . ……

img 20240711 wa00515704347537038139697img 20240807 wa01504874103871605481258එමෙන්ම කේක් සහ ගැටෝස් වර්ග රැසක්ම මේ වනවිට රැන්කා ෆුඩි හවුස් වෙතින් හඳුන්වාදී තිබේ.

 

ලෝ සුපතල කෝපි පානයන් . …..

img 20240807 wa01515287211689096893950කෝපි පානයන් ප්‍රිය කරන පාරිභෝගික රසවතුන් වෙනුවෙන් රැන්කා ෆුඩ් හවුස් වෙතින් ලෝ සුපතල කෝපි පානයන් කිහිපයක්ම මේ වන විට හඳුන්වා දී තිබේ.

* එස්ප්‍රෙස්සෝ- Espresso
* ඇමරිකානෝ-American
* කැපිචිනෝ- Cappucino
* කැෆේ ලතේ- Cafe Latte
* කැෆේ මොකා- Cafe Mocha
* හොට් චොක්ලට්- Hot Chocolate

ලෝ සුපතල මේ කෝපි පානයන් රස විඳින්නට ඔබත්, කැමති නම්, ඒ සඳහා ද රැන්කා ෆුඩ් හවුස් වෙත පැමිණෙන්නැයි ඔබට ආරාධනය කර සිටිමු.

එලෙසම තවත් රසවත් ආහාරපන ගණනාවක් රැන්කා ෆුඩි හවුස් වෙතින් හඳුන්වා දී තිබේ. එමෙන්ම තවත් ආහාර පාන වර්ග රැසක්ම ඉදිරි කාලය තුළ ඔබ වෙත හඳුන්වාදීමට ද රැන්කා ෆුඩ් හවුස් බලාපොරොත්තුව සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here