( 6.00 am ) අළුත් අවුරුද්ද ලබල පැය 2 කක් යනකොට මිගමුවේ මාළු ලෙල්ලම ක්රියාත්මක වුනා.හැබැයි වෙනදා මාළු ලොරි වලින් කඩිමුඩියේ මාළු බාල ලෑල්ලට දාල විකුණගන්න උනන්දු වුන අය එදා උනන්දු වුනේ වෙන වැඩකට.
පළවෙනිදා මාලු එච්චර ඇවිත් තිබුනේ නැ.නමුත් වෙනදා මාලු විකුණන අය වැඩිහරියක් ඇවිත් හිටිය පොඩි බජව්වකුත් තිබුනා.කිරිබත් මිරිස් මාළුත් බෙද්දා.
ඇත්තටම එදා සුන්දර උදෑසනක්.
2025ට අද තමයි මාළු එන්න පටන් අරන් තියෙන්නේ.ඊයේත් මාළු තිබුනේ නැ.
අද වැඩිපුරම ඉන්නේ ලේන පරව්.අද කිලෝවක් රු 500යි.පොඩි සාලයෝ රු 300යි. Omega 3 බහුල යක් සාලයා කිලෝවක් රු 200යි.
බලයොත් තියෙනව.පාපැදි වලින් ගිහින් මාළු විකුණන අයත් අද ඇවිත් .පළවෙනිදා සිංදු කියල නටල වැඩ අල්ලපු ලෙල්ලම දැන් තමයි සක්රිය වෙලා තියෙන්නේ.