ඔබේ සම්පූර්ණ නම – අබේසේකර මුදලිගේ දොන් බර්නාඩ් රෙජිනෝල්ඩ්.
ඉප දුනේ – මීගමුවේ. 1944 මැයි 27 දා
ඉගෙනගත් පාසැල් – සාන්ත පේදුරු මහා විදුහල හා සාන්ත මරියා මහා විදුහල
ඔබ කලාවට සම්බන්ධ වුනේ කොයි කාලෙද?
1953 මගේ පියා අහංකාර ස්ත්‍රිය චිත්‍රපටියෙ රඟපෑවා. මම පොඩියි. මාත් මගේ පියා සමඟ මේ වැඩ වලට උදව්වෙන්න ගියා. එවකට ක්ෂේත්‍රයේ සිටි මස්තාන්, නාරායන්, තංගප්පන්, හියුගෝ මාස්ටර්, එ.බී. රාජ් වැනි අයගේ හුරතලා බවට මම පත්වුණා.
ඔබේ පියා – එ ඇම්.ඩී. ජෝශප්
ඔබේ මව – මේරි මැගිලින් දල්පදාදු
පවුලේ විස්තර කිව්වොත් – හෙලන් ජයමාන්න මගේ බිරිඳයි.
පුතා – ශ්‍රී ලංකා එයාර් ලයින් සමාගමේ රැකියාව කරනවා.
දුව – ජාත්‍යන්තර පාසැලක ගුරුවරියක් වශයෙන් වැඩ කරනවා.
දරුවන් කලාවට සම්බන්ධ කළේ නැද්ද?
පුතා පොඩි කාලේ චිත්‍රපට තුනක ළමා චරිතය රඟපෑවා. පුතුනි මට සමාවෙන්න, පොර කුකුල්ලූ, කැලෑ කෙල්ල, යන චිත්‍රපටවල.
බාලවියේ සිටම කලාවට යොමුවෙන්න ඔබ තුළ ආශාවක් තිබුණද?
මගේ ආශාව තිබුණේ වෛද්‍යවරයෙක් වෙන්නයි. මම හැදෑරුවෙත් විද්‍යා විෂයයන්. නමුත් මට අසනීප වීම නිසා වැඩිදුර අධ්‍යාපනය කරන්න බැරිවුණා.
ඔබ චිත්‍රපට සංස්කරණයට සම්බන්ධ වුණේ.
රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට සහාය සංස්කාරක ශිල්පියෙකු අවශ්‍යය බවට ගැසට් පත්‍රයේ පළවුණා. මම ඉල්ලූම් පත්‍ර දාලා, සම්මුඛ පරීකෂණයට යන්න ප්‍රථම අවශ්‍ය ලෙසට පුහුණුවක් ලබාගත්තා. මගේ තාත්තා හියුගෝ මාස්ටර්ට කියලා විජය චිත්‍රාගාරයේ පුහුණුවක් ලබාදෙන්න කියා. එවකට සිනමාවේ අධිපති කේ. ගුණරත්නම් මහත්තයා හියුගෝ මාස්ටර්ගේ වචනයට එම අවස්ථාව ලබාදුන්නා. නමුත් සම්මුඛ පරීකෂණය අවලංගු වුණා. මම දිගටම වාස 6 ක් වැටුප් නැතිව විජය චිත්‍රාගාරයේ සහාය සංස්කාරක ශිල්පියෙකු වශයෙන් වැඩ කළා.
ඔබ ප්‍රථමයෙන් සංස්කරණය කළ චිත්‍රපටය – සූරයන්ගෙත් සූරයා
සංස්කරණය කළ අනෙකුත් චිත්‍රපටවල නම්
එදත් සූරයා අදත් සූරයා, සූරයා සූරයාමයි, හොඳම වෙලාව, ආවා සොයා ආදරේ, හි`ගන කොල්ලා ආදී වශයෙන් චිත්‍රපට 300 ක් පමණ සංස්කරණය කරලා තියෙනවා.
ඔබට අතහිත දුන් කීප දෙනෙක් සිහිපත් කළොත්
මගේ ගුරුතුමා එස්. රාමනාදන්, හියුගෝ මාස්ටර්, රොක්සාමි, මස්තාන්, ටයිටස් ආදී වශයෙන් පරණ හැම කෙනෙකුම ඉතා ආදරයෙන් මට උදව් කළා.
චිත්‍රපට සංස්කරණයට අමතරව සම්බන්ධ වුණ වෙනත් ෙකෂ්ත්‍ර
මම 1960 සුනිලා චිත්‍රපටියේ ප්‍රධාන ළමා චරිතය රඟපෑවා. ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ මෙය අධ්‍යකෂණය කළේ හෙන්රි චන්ද්‍රවංශ මහතායි. කැලෑ කෙල්ල චිත්‍රපටයට අධ්‍යකෂණයෙන් දායක වුණා. කාර්මික අංශයට මම කැමතියි. වැඩි දායකත්වයක් දුන්නේ කාර්මික අංශයටයි.
විකට චිත්‍රපට රැල්ල ගැන ඔබේ අදහස.
එදා චාලි චැප්ලින්, ජෝ අබේවික්‍රම, හියුගෝ, ඇන්තනි, බී.ඇස්. දොන් කරන හාස්‍යය කොතරම් අගේද? විකට හොඳයි. මාත් කැමතියි. නමුත් සංවර්ධනයක් තියෙන්න ඕනෑ.
රූපවාහිනිය චිත්‍රපට කර්මාන්තයට අභියෝගයක් ද?
එදා අපි පෝලිමේ ගිහින් බැලූවත් අද ගෙදර ඉඳගෙන පහසුවෙන් බලනවා. රූපවාහිනිය නිසා චිත්‍රපට කර්මාන්තයට විශාල බලපෑමක් වෙනවා. උදාහරණයක් කිව්වොත් මම සංස්කරණය කළ චිත්‍රපටයක් බලන්න අපේ ගෙදර අයවත් ගිහින් නෑ.
මේ අභියෝගයට මුහුණ දෙන්න කළ යුත්තේ කුමක්ද?
අපි චිත්‍රපට හදන්න ඕනා අපේ සංස්කෘතියට මුල්තැන දීලයි. එවිට අපේ චිත්‍රපටි විදේශ රටවල් ඉතා ඉහළින් පිළිගන්නවා. කොපි දෙකක් තුනක් පිටරටට දී ගත්තොත් වියදම කවර් කරගන්න පුළුවන්.
අමතක නොවන සිදුවීම් ගැන.
එඩී අංකල් විජය චිත්‍රාගාරයේ පාලක හැටියට වැඩ කරපු කාලේ ඩේසි අක්කා (රුක්මනී දේවි) එයාගේ වැඩවලට ගිහින් කෙලින්ම විජය චිත්‍රාගාරයට ඇවිල්ලා ටික වේලාවක් එහි ගත කරල තමයි මීගමුවට එන්නේ. ඉතින් ගොඩක් දවස්වලට මටත් ලිෆ්ට් එකක් ලැඛෙනවා මීගමුවට. ඔහොම එක දවසක දී මම දවසක් ඩේසි අක්කාගෙන් ඇහැව්වා ඩේසි අක්කා කවදාවත්ම බස් එකක ගිහින් නැද්ද කියලා. එයා කිව්වා එකම එක වතාවක් නළු නිළි හවුලේ වැඩකට රත්නපුරේට ගිහින් තියෙනවා කියලා. එහෙම කියලා මෙහෙමත් මට කිවුවා. ළමයෝ මම කවදා හරි මැරෙන්නෙත් වාහනයක තමයි කියලා. මට අමතක නොවෙන දෙයක් වෙන්නේ එ කියමන හරියටම එදා ඩේසි අක්කා කිව්වේ එයා හැප්පිලා මිය ගිය තුඩැල්ලේ එ තැන පහුවෙනකොටම වගෙයි.
ඔබේ අනාගත බලාපොරොත්තු
විදේශ රටකට යැවීමට දේශයේ සංස්කෘතිය ගැබ්වූ චිත්‍රපටයක් නිර්මාණය කිරීමටයි මගේ බලාපොරොත්තුව.
නවක නළු නිළියන්ට ඔබ දෙන පණිවුඩය කුමක්ද?
ඉස්සර නළු නිළියන්ට අපි ගරු කළා. ගාමිණී, ජෝ, ජීවරාණි එ අය ස්ථාවරය වෙනස් කළේ නෑ. ඉක්මනින් ජනප්‍රිය වෙලා ඉක්මනින්ම ස්ථාවරය වෙනස් කරන්න එපා කියන එකයි.ඔහුගේ බලාපොරොත්තු එඅයුරින්ම සාර්ථක වේවායි පතමින් මීපුරේ අපි ඔහුගෙන් සමුගතිමු.
සාමිචිය – ජූඩ් ප්‍රනාන්දු