එන්නතටත් සැමරුමක්..

0
123

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළට 2022 ජනවාරී 29 ට වසරක් පිරිම නිමිත්තෙන් “එන්නත්කරණ ජාතික සැමරුම් වැඩසටහන” සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී එදින පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.
මෙම වැඩසටහනට සමගාමීව සෑම පළාතකම ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් පළාත් සැමරුම් වැඩසටහන් පැවැත්වීමට සැළසුම් කර ඇත. එමෙන්ම ප්‍රාදේශිය රෝහල්වලින් ඉහළ දිවයිනේ සෑම රෝහලකම සහ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකම සැමරුම් වැඩසටහන් පැවැත්වීමටද මීට සමගාමීව පියවර ගැනේ.

ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙම සැමරුම් වැඩසටහන එකම තේමාවකින් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති අතර, 29 දින පෙරවරු 10.06 ට මේ වෙනුවෙන් ආශිර්වාද පහනක් දැල්වීමට කටයුතු යොදා ඇතැයිද වාර්තා වේ .

සැමරුම කෙසේ වෙතත් වසරක් ගෙවුන තැන සැබැවින්ම විමර්ශනය කළ යුතුව තිබුනේ ලංකාව තුල ක්‍රියාත්මක වු එන්නත්කරණ වැඩසටහන ගැනය.
හමුදාකරණය වු එන්නතකරණය ලංකාව තුල වයස් ගතවුවන් අමතක කර දැමිම නිසා විශාල පිරිසකට සිය ජිවිත වලින්ම වන්දි ගෙවන්නට සිදුවු බව දැන් බොහෝ දෙනෙකුට අමතකය. වෙනත් රටවලදි නම් ඒ් රටවල් සිය පළමු ප්‍රමුඛතාවය ලබාදි තිබුනේ වයස් ගතවුවන් වෛරසයේ බේරාගැනිමටය.ඒ් අනුව ඒ් රටවල් වල පළමු එන්නත් ප්‍රමුඛතාවය ලබා දි තිබුනේ වයස්ගත වුවන් හටය.
ලංකාව තුල ක්‍රියාත්මක වු එන්නත්කරණය ගැන බරපතල විවේචන රැසක් ඒ් වන විටත් එල්ලව තිබුණි. අඩුමිළකට ෆයිසර් වැනි එන්නතක් ලබාගැනිමට හැකියාව තිබියදි ලංකවේ දේශපාලකයන් වැඩිමිළක් ගෙවා ලබාගෙන තිබුනේ චින එන්නතය.
එන්නතට වසරක් පිරිම නිමිති කොට ගෙන අප ආපසු හැරි බැලිය යුත්තේ එන්නත හරහාත් දේශාපලනය කරන්නට දැගලු මේ පාලනය පිළිබදවය.