එන්නත්කරණයෙන් ලංකාව 1 ලු ,චීනය කියයි !

0
71

ලෝක සම්මතයට පිටුපා එන්නත්කරණය ක්‍රියාත්මක කිරිම නිසා වැඩිහිටි මරණ වැඩිකරගන්නට සිදුවු ලංකාව ගතවූ සතියේ ජනගහණය ට සාපේක්ෂව  ලොව වැඩිම එන්නත්කරණය සිදුකළ රට බවට ශ්‍රීලංකාව පත් ව ඇතැයි චින තානාපති කාර්යාලය කියයි.

එන්නත්කරණය හා කොවිඩ් සම්බන්ධ දත්ත විශ්ලේශන ආයතනයක් වන ourworld ආයතන උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්‍යාලය මේ සම්බන්ධයෙන් දක්වා ඇත.ඊට අනුව ලංකාව ගතවූ සතියේ ජනගහණයෙන් 13%ක් එන්නත්කරණය ට ලක් කර තිබේ

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුව යමින් ලෝකයේ බොහෝ රටවල් එන්නතරණයේදි වැඩිහිටියන් මෙන්ම පෙරමුණේම කටයුතු කරන අවදානම් සහිත සෞඛ්‍ය සේවයකයන් වෙත සිය පළමු ප්‍රමුඛතාවය ලබාදි තිබුණි.
එහෙත් අවාසනාවකට මෙන් හමුදාකරණය වු ලංකාවේ එන්නත්කරණය ලෝක සම්මතයට පිටපු යාම හේතුවෙන් මේ වන විට විශාල වැඩිහිටියන් ප්‍රමාණයකට සිය ජිවිත වලින් ඊට වන්දි ගෙවන්නට සිදුව තිබේ.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මේ මරණ වල වගකීම රජය භාරගත යුතු යැයි දැනටමත් චෝදනා එල්ල කොට තිබේ.

මේ OurWorld ආයතන ප්‍රධානියා ගේ ට්විටර් සටහනයි.