මිගමුවේ කොරෝනා තත්වය දිනෙන් දින අවදානම් තත්වයක් කරා ගමන් කරමින් තිබෙන පසුබිමක ඒ අවදානම් ප්‍රදේශ ගැන නිවරදි තක්සේරුවක් කොට ඒ ප්‍රදේශවලට ගොස් කඩිනමින් එන්නත ලබාදිමට කටයුතු කළ යුතුව තිබුනද සංචරණ සිමා පව පනවා ඇති පසුබිම මිගමුවේ සෞඛ්‍ය බලධාරින් නගරාධිපති දයාන් ලංසගේ දේශපාලන ව්‍යාපෘතිය අනුව යමින් හැම දිනකම නගර සභාවේ එන්නත්කරණය වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටිති.
ඒ සම්බන්ධයෙන් මිපුර ඇමතු ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකු කියා සිටියේ සංචරණ සිමා පනවා ඇති පසුබිමක ගම්වලට ගොස් ඒ ජනතාවට එන්නත ලබාදිමට කටයුතු කරනවා වෙනුවෙන් හැම දිනකම මහනගර සභාව තුල එන්නත් වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ නගරාධිපතිගේ VIP එන්නත් දන්සැල පවත්වාගෙන යැමට ඇති උවමනාව නිසා බවය.
ගමනා ගමන පහසුකම් පවා නැති පසුබිමක සැබැවින්ම සෞඛ්‍ය බලධාරින් කළයුුත්තේ ජනතාව අතරට යාමය . එහෙත් මිගමුවේ සිදුවෙමින් ඇත්තේ වෙනම වැඩසටහනකි