එන්නත පිළිබඳ පුවත සමග ෆයිසර් සමාගම ඩො.මිලියන 5.6ක කොටස් විකුණා දමයි

0
104

පයිසර්

 ජර්මනියේ බයෝ එන්ටෙක් සමග එක්සත් ජනපදයේ ෆයිසර් සමාගමේ හවුල්කාරීත්වයෙන් නිපදවූ නවතම කොවිඩ්-19 එන්නත ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූවන් යොදාගෙන සිදුකළ පර්යේෂණවලදී 90% කට වඩා ඵලදායී බවක් පෙන්වන බව පසුගියදා ලෝකයේ වඩාත් කතාබහට ලක්විය.

මෙම කතාබහ සමග ෆයිසර් හි ප්‍රධාන විධායක ඇල්බට් බෝර්ලා පසුගිය සඳුදා තම සමාගමේ කොටස්වලින් ඩොලර් මිලියන ගණනක් විකිණීම සඳහා සූදානම් කරමින්, එයින් සුවිශේෂී ලාභයක් උපයා තිබේ.

ෆයිසර් සහ බයෝ එන්ටෙක් ආයතනය ඉදිරිපත් කළ එන්නතේ ඵලදායීතාව හේතුවෙන් සමාගමේ කොටස් මිල ඒ වනවිටත් ඉහළ ගොස් තිබුණි.

මෙම ගනුදෙනුව බෝර්ලා විසින් ඔහුගේ ෆයිසර් කොටස් වරින් වර විකිණීම සඳහා සකස් කරන ලද නිතිපතා සැලසුම් කරන ලද සැලැස්මක කොටසක් බව සමාගම පවසයි. ඒ අනුව බෝර්ලා විසින් ෆයිසර් සමාගමේ කොටස් 132,508ක් කොටසක් ඩොලර් 41.94කට විකුණා ඇති අතර, එයින් ඇ.ඩො.මිලියන 5.6කට ආසන්න ආදායමක් උපයාගෙන තිබේ.

එසේම ෆයිසර් සමාගමේ නිලධාරියෙකු වන විධායක උප සභාපති සාලි සුස්මාන්ද පෙර සැලසුම් කළ කොටස් විකිණීමක් සිදුකර ඇති අතර, ඒ අනුව ඔහු කොටස් 43,662ක් විකුණා ඇත්තේ කොටසක් ඩොලර් 41.94ක මිලකටය. එම ගනුදෙනුව ඇ.ඩො.මිලියන 1.8කට වඩා වටිනා ගනුදෙනුවකි.

ෆයිසර් හි කොටස් සඳුදා 8%කින් පමණ ඉහළ ගිය අතර, බයෝ එන්ටෙක් ඊටත් වඩා තියුණු ලෙස ඉහළ යමින් සඳුදා 15%කින් සහ අඟහරුවාදා තවත් 8%කින් ඉහළ ගොස් තිබේ. නව කොරෝනා වසංගතය වෙනුවෙන් මෙම එන්නත බොහෝවිට සාර්ථක වනු ඇති බවට පවතින විශ්වාසය මෙම තත්ත්වයට හේතුව වී ඇති අතර, වසංගතය හමුවේ කලින්ම එන්නතක් සාර්ථක කරගැනීමට ලොව පුරා ඖෂධ නිෂ්පාදකයන් දැඩි තරගයක නිරත වන්නේ මෙම වාසිය හොඳින්ම අවබෝධ කරගෙනය.
ada.lk