එන්නත වෙනුවෙන් මිගමුවේ දිගටම මාධ්‍ය සංදර්ශණ …..

0
51

මීගමුව තුල එන්නතකරණය යනු එහෙම පිටින්ම දේශපාලකයන්ගේ මාධ්‍ය සංදර්ශන වලින් පිරි ගිය දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.
මේ පසුබිම තුල එය සැබැවින්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගතයට එරෙහිව ක්‍රියාත්මක වැඩසටහනට එහා ගිය ලංසා පවුලේ පුද්ගලික ධනයෙන් ක්‍රියාත්මක එකක් බවට හුවා දැක්විමට කිසිදු වෘත්තිය පරිචයක් නැති නගරාධිපතිවරයා කටයුතු කරමින් තිබිම සැබැවින්ම පිළිකුල් සහගතය.
මෙය කොයිතරම් දුෂිත එකක් බවට පත්ව ඇත්දැයි කියන්නේ නම් නගරාධිපති දයාන් ලංසාට ලැදිකම් දක්වන කාන්තාවන්ට නිතියට පිටින් එන්නත වඩම්මාගෙන ගොස් ලබාදෙන මට්ටමකට එය පත්ව තිබේ.සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් පඩි ලබන ඇතැම් PHI ලාද වහලුන් මෙන් නගරධිපති ලැදිකම් වෙනුවෙන් ප්‍රසිද්ධියේ කඩේ යමින් සිටිති
කොළඹින් එන නිළියන්ට පමණ නොව නගරාධිපතිවරයා වෙනවෙනු නගර සභාව තුල ලැදි කම් අතදිගහැර පෙන්වන සැමටද එන්නත පුද්ගලික දේපලක් සේ සලකා සපයමින් සිටින අය්‍රුරු ගැන තොරුතුරු දිනපතා හෙළිදරව් වෙමින් තිබේ.
පසුගිය කාලය තුල මිගමුව තුල එන්නත ලබාදිම සදහා තුණ්ඩු ලබාදිම එහෙම පිටින්ම දේශපාලන හෙංචයන්ගේ සංදර්ශණ බවට පත්ව තිබුණි.
මේ වන විට තවත් දේශපාලකයන්ද සිය දේශපාලන සංදර්ශණ ප්‍රාදේශිය මට්ටමටද ගෙන යමින් මමයි රාජා යැයි පෙන්වන්නට පටන් ගෙන තිබේ.



ඒවා කොයිතරම් නම් ජනතා වෛරයට පාත්‍රාව ඇත්තේදැයි කියන්නේ නම් නගරාධිපති ගේ ෆේස් බුක් පිටුවට ප්‍රසිද්ධියේ මේ විවේචන ගෙන එන තරමට ජනතාව අතර දැනමටත් පිළිකුලක් නිර්මාණය වි තිබේ.