“එන්න එකට හුස්ම ගන්න” මාධ්‍යවේදී සහෝදරත්වය උතුරෙන් දකුණට (ඡායාරූප)

0
146

 

 

 

තල්පතයි පන්හිදයි එකට යාකෙරෙන මාධ්‍යවේදින්ගේ සහෝදරත්වයේ චාරිකාව ඊයේ (06) රාත්‍රියේදි උතුරේ සිට කොළඹට ළඟාවිය. උතුරේ දිස්ත්‍රික්ක 5 ක් නියෝජනය කරමින් මාධ්‍යවේදින් 54 දෙනෙකු මේ ගමනට සහභාගි විය.

උතුරේ මාධ්‍ය සගයන් පිළිගැනිම සදහා විශේෂ උත්සවයක් ද ශ්‍රි ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (ජුලි 6 ) පැවැත්විණි.මේ අවස්ථාව සදහා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පොලිස්පති පුජිත ජයසුන්දර, අමාත්‍යංශ ලේකම් නිතිඥ නිමල් බෝපගේ, ප්‍රවෘත්ති දේපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලන්සුරිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.

අද දින (07) මෙම මාධ්‍යවේදී කණ්ඩායම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ සුහද කතාබහක නිරත වූ අතර උතුරු ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමු කිරීමට මෙය අවස්ථාවක් කරගත් බව වාර්තා වේ. එසේම අද පස්වරුවේ ප්‍රධාන මාධ්‍ය ආයතන කිහිපයක සංචාරය කිරිමට කටයුතු සංවිධානය කර ඇතැයි ද වාර්තා වේ.

හෙට දිනයේ දකුණු ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

පසුගිය අප්‍රේල් මාසයේ “එන්න එකට හුස්ම ගන්න” තල්පතයි පන්හිදයි එකට යාකෙරෙන මාධ්‍යවේදින්ගේ සහෝදරත්වයේ චාරිකාව දකුණෙන් උතුරට ගමන් කළ අතර එහි දෙවන අදියර වශයෙන් මෙම සංචාරය සිදුකර ඇත. මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුව සහ ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව මෙය සංවිධානය කර ඇත.

එන්න එකට හුස්ම ගන්න.. අපි මිය යමින් සිටින්නෙමු

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

http://sathhanda.lk

Save