එලායන්ස් එයාර් චෙන්නායි සිට යාපනයට ගුවන් ගමන් අරඹයි!

0
36
 

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ එළඹෙන ඔක්තෝබර් 17 වනදා ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත කිරීමට නියමිතය. මේ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හැරුණු විට ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ වන මෙරට තෙවැනි ගුවන්තොටුපළ බවට යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ පත්වනු ඇත.අගමැති සහ ජනපතිගේ මුලිකත්වයෙන් මෙය ඔක්තෝබර් 17 වෙනිදා  විවෘත කිරිමට නියමිතය.

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබානු ලබන පළමු ජාත්‍යන්තර ගුවන් යානය ලෙසින් ඉන්දියාවේ එලායන්ස් එයාර් ගුවන් යානයක් ඔක්තෝබර් 17 දා පරීක්ෂණ චාරිකාවක යෙදේ ..

එයාර් ඉන්දියා ගුවන් සේවයේ අනුබද්ධිත සමාගමක් වන එලායන්ස් එයාර්, චෙන්නායි සිට යාපනය දක්වා සතියකට ගුවන් වාර 3 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ‘ද හින්දු‘ වැඩිදුරටත් සඳහන් කරයි. එසේම ඉදිරියේ දී යාපනය සිට නවදිල්ලිය, මුම්බායි හා කොචි දක්වා ද ගුවන් ගමන් ආරම්භ වීමට නියමිත බව එහි සඳහන් වේ.

මේ අතර අප කළ විමසුමකට පිළිතුරු දෙමින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ උප සභාපති ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා කියා සිටියේ
යාපනය ගුවන් තොටුපලේ ගුවන් පථය මිටර 950 ක් වන අතර  දැනට ඉන්දියාව සහ යාපනය අතර ගුවන් ගමන්වල යෙදෙන ATR 72  යානයේ මගීන් 70 ක් සදහා රැගෙන යා හැකි බවය.
මුලාශ්‍රය-infosrilankanews.info