එස් 5 සංකල්පය තුලින් මීගමු රෝහල ගොඩ යයිද??

0
79

මීගමුව දිස්ත්‍රීක් මහා රෝහල ආසියාවේ හොඳම රෝහල බවට පත් කිරිම සඳහා මුලික පියවරක් ලෙස එළඹෙන 20 වැනි දින (2012/11/) රෝහලට 5 එස් (5) සංකල්පය හදුන්වාදීමට නියමිතව තිබේ. 5 එස් සංකල්පය යනු ආයතනයක ,වැඩබිමක හෝ නිවසක ගුණාත්මක ලෙස ඵලදායිතාවය ඇති කිරීම සඳහා සම්පත් උපරිම ලෙස යොදා ගත හැකි කළමනාකරණය පදනම් කර ගත් වැඩසටහනකි.

මෙම ක්‍රමය හඳුන්වාදීම තුලින් පමනක් මීගමුව රෝහලේ ගූනාත්මකභාවය සහ උපරිම ඵලදායිතාවයක් ඇති කර අසියාවේ හෝ අඩුම තරමින් මෙරට තුල හෝ හොදම රෝහල බවට පත් කල හැකිද ?

අද වන විට මීගමු රෝහල තුලින් රෝගී ජනතාව වෙත සැලසෙන සුව සේවා පිලිබඳව තවමත් විසඳුම් නොමැති සුවිශාල ගැට රාශියක් පවතී. එම ගැටළුවලට නිසි විසදුම් ලබා නොදී 5 එස් (5) සංකල්පය කි්‍රයාත්මක කිරීම තුලින් පමනක් මීගමු රෝහල හොදම රෝහලක් කල නොහැකි බව බොහෝ දෙනෙකුගේ අදහසයි.

විශේ්ෂයෙන්ම අද වන විට මීගමු රෝහලේ ඇති දැඩි ඖෂධ හිඟය,සමහර වෛද්‍ය පරීක්ෂන පවා පිටතින් කිරීමට සිදු වීම, සමහර වාට්ටුවල ඇති දැඩි ඇදන් හිගය, බොහෝමයක් වාට්ටු වල ඇති කැසිකිලි වැසිකිලි භාවිතා කිරීමට නොහැකි තත්වයට පත්වීම, සායන සදහා පැමිණෙන පිරිසට නිසි ලෙස කැසිකිලි වැසිකිලි පහසුකම් සලසා නොමැතීවීම,

තවද මෙම රෝහලේ සමහර විශේෂඥ වෛදවරු ඇතුළු වෛද්‍යවරුන් තම පෞද්ගලික චැනල් සේවා තුලින් පැමීනි රෝගීන් කෙරෙහි පමනක් සැලකිලිමත්වීම, සමහර විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරුන් තම රාජකාරී වේලාව තුල විශේෂයෙන්ම රාත්‍රි කාලයේ රෝහල තුල නොසිටීම, සමහර විශේෂඥ වෛද්‍යවරුන් තම දේශපාලනික සම්බන්ධතා සහ උසස් බලධාරීන්ගේ සම්බන්ධතා පදනම් කර ගෙන රෝහල තුල ඉස්මතු වීමට යාමෙන් රෝහලේ අංශ අතර පැවතිය යුතු අන්‍යනෝන්‍ය සබැදියාව මේ වන විට සැලකිය යුතු ලෙස බිද වැටීම, රෝහලට අත්‍යාවශ්‍ය හෞද රෝග ඒකකය මේ වන විට වැසීයාමට කටයුතු සැලස්වීම, එලෙසම මෙම රෝහලේ ඇති මෘත ශරීරාගාරයට නවීන පහසුකම් කිසිවක් ලබා නොදීම,මේ රෝහල සතු අඩුපාඩු සහ රෝගීන් මුහුණ දෙන ප්‍රශ්න ගැටළු වලින් කිහිපයකි.

්මේ වන විට මීගමුවේ ෙජ්්‍යෂ්ඨ පුරවැසියන්ගේ මතය වී ඇත්තේ රෝහල සංවර්ධනය කර හොද රෝහලක් ලෙස ස්ථාපිත කිරීමට නම් බස්නාහිර පලාත් සභාවෙන් මෙය මධ්‍යම රජයට පවරා දිය යුතු බවයි. එවැනි ස්ථීරසාර කි්‍රයාමාර්ගයකට අවතීර්ණ නොවී , 5 එස් සංකල්පය හදුන්වාදීම තුලින් පමනක් මීගමු රෝහල ගූනාත්මක සහ පළදායිතවයෙන් උසස් රෝහලක් බවට පත් කල නොහැකි බව බොහෝ දෙනාගේ අදහසයි.