එළවළු සහ පලතුරු ප්‍රවාහනයට දුම්රිය යොදාගැනීමට රජය තීරණය කරයි

0
279

( 10.00 am ) දුර බැහැර ප්‍රදේශවල සිට එළවළු සහ පලතුරු වර්ග සෙසු ප්‍රදේශවලට ප්‍රවාහනය සඳහා දුම්රිය ලබාදීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊට අදාල නිලධාරින්ට උපදෙස් ලබාදී ඇතැයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

එළවළු සහ පලතුරු ප්‍රවාහනය සඳහා දුම්රිය යොදා ගත හැකි බව මුල්ම වරට යෝජනා කර සිටියේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා විසිනි.