ඒකලදි සිදුවු මාරක රියඅනතුරකින් තිදෙනෙකුට දිවි අහිමිවෙයි !

0
93

ජාඇල පොලිස් වසමේ ඒකල ගුවන්හමුදා කඳවුර අසලදී සිදුවූ රියඅනතුරින් පුද්ගලයන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ (31) උදෑසන 6.45ට පමණ එම අනතුර සිදුව ඇත

අනතුර සිදුව ඇත්තේ ජාඇල දෙස සිට මිනුවන්ගොඩ දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙනි. බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරා සහ අනෙක් පුද්ගලයින් දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පිරිස අවුරදු 49, 47 සහ 69 යන වයස්වල බව පැවසේ.


– ඡායා සහ සටහන – ප්‍රියපේම මාණික්කරත්න