ඒකාබද්ධ විපක්ෂය හදනකොට ලංසා කොහෙද හිටියේ ? මිගමු පොහොට්ටු ක්‍රියාකාරිහු ප්‍රශ්ණ කරති

0
264

නිමල් ලංසා කියන්නේ බැසිල් වෙනුවෙන් .”ගනු කඩුව එනු සටනට” යැයි කියා තැන නොතැන බලා බැසිල් රාජපක්ෂ විසින් ස්විච් එක ඔන් කරපු ගමන් ලග පිකප් කරගෙන ෆේස් බුක් එකෙන් දවස් ගණනක් බඩපිරෙන්න අවලාද , අපහාස විදන කෙනා ලෙසින් ප්‍රසිද්ධියට පත්වවෙමින් සිටි.


විමල් විරවංශට අභියෝග කරමින් කථා කියන නිමල් ලංසා පොහෙොට්ටුවට පදනම දැමු ඒකාබද්ධ විපක්ෂය හදන කොට හිටියේ කොහේදැයි අසන ලෙස අභියෝග කරන්නේ වෙනින් කව්රුත් නොව මිගමුවේ ඒකාබද්ධ වික්ෂය හදන්නට හැබෑවටම මුලිකත්වය ගෙන වැඩකරපු කොටස්ය.

මිගමුව තුල ඒකාබද්ධ විපක්ෂය හදන්නට අනෙක් දේශපාලකයන් මහන්සි වෙද්දි නිමල් ලංසා යනු මහින්දට සිග්නල් ලමා සිරිසේනගේ පැත්තට හරවපු දේශපාලකයෙක් පමණක් වු බව මේ අය වැඩිදුරටත් අවධාරණය කරති

එමෙන්ම යහපාලන රජයේ ඇමතිකමක්ද ගත්ත කෙනෙක් කියලත් දැන් එයාට අමතක වි ඇති සෙයක් පෙනෙන්නට ඇති බවද මේ විවේචකයෝ කියා සිටිති
ගම්පහ දිස්ත්‍රික්කය තුල ප්‍රසන්න රණතුංග, ඉන්දික අනුරුද්ධ වැනි දේශපාලකයන් ඒකාබද්ධ විපක්ෂය ගොඩනැගිම සදහා පදනම් දැමු දේශපාලකයන් බවද ඇමති ලංසා කරුණු කියන දේශපාලන ක්‍රියාකාරිහු පවසති

විමල් විරවංස ගැන නිමල් ලංසා කළ ප්‍රකාශයක් අද ලංකා නිව්ස් වෙබ් අඩවියේ මෙසේ පළවි තිබුණි

ආණ්ඩුව සිටින පක්ෂ ආණ්ඩුවේ තීරණවලට එකඟ වියයුතු බවත්, කිසිවෙකුටත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට කෙටවීමට ඉඩ නෙතබන බවත් අමාත්‍ය නිමල් ලංසා මහතා පවසනවා. විමල් වීරවංශ මහතාට ආණ්ඩුවේ තීරණ හෝ නායකයන් විවේචනය කිරීමට අවශ්‍ය නම් ඔහුට ආණ්ඩුවෙන් එළියට ගොස් ඕනෑම විවේචනයක් සිදුකළ හැකි බවයි ලංසා මහතා පවසන්නේ.

විමල් වීරවංශලා යනු පොහොට්ටුවේ මුක්කුවක් මිස නායකයෙකු නොවන බවත්, මුක්කුවලට ආණ්ඩුව පෙරළිය නොහැකි බව ඔහු මතක තබාගත යුතු බවත් නිමල් ලංසා මහතා පෙන්වා දෙනවා. ආණ්ඩුවේ සාමූහික තීරණ සමග කටයුත කළ නොහැකි නම් ඔහුට විකල්ප බලවේගයක් නිර්මාණය කරගත හැකි බවත්, ඒ හරහා ඊළඟ මැතිවරණයට ඉදිරිපත් විය හැකි බවත් නිමල් ලංසා ඇමතිවරයා සඳහන් කරනවා.

පොහොට්ටුවේ නායකත්වය ගැන තීරණ ගැනීමට පෙර හැකිනම් ගෙදර නායකත්වය ලබාගෙන පෙන්වන ලෙස ඔහුට අභියෝග කරන බවයි ලංසා මහතා පවසන්නේ.