
ඔටුන්නක් වගේ එකක් දාගෙන ඉන්නේ ටෙලිනාට්‍ය රගපාන නළුවෝ වගේ වෙන්න නොවෙයි ජනතාවගේ දුක වෙනුවෙන් පෙනී සිටින්න, ඒක කරන්න බැරිනම් අපි මේවා ගලවලා දාලා යන්න ඕනේ යනුවෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ වාද්දුවේ දී පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
එම පුවතේ වැඩිදුරටත් මෙසේද සදහන්වේ .
….පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ කොමිෂන් සභා වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේ ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා යටින් ඊට වඩා ලොකු වැඩපිලිවලක් තිබුණා කියලා අපිට එන්න එන්නම වැටහෙනවා.
අපිට කාගෙන්වත් පලිගන්න ඕන කමක්, රුදාවක් නැහැ. නමුත් අපිට ඇත්ත දැනගන්න ඕන. මේ ප්‍රහාරය දැනගෙන උසස් තනතුරු දරපු පොරොන්දු දුන්න උදවිය දැන් මොකුත් දන්නේ නෑ වගේ ඉන්නවා. ඒක තමයි අපට දරාගන්න බැරි කාරණාව . මේකට එයාලගේ වගකීමක් තියෙනවද කියලා අපිට සැකයක් තියෙනවා….
ඒ නිසා මේ ප්රශ්නය නිමවන තුරු එකට නැගී සිටින ලෙස සියලු කතෝලික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා යනුවෙන්ද පවසා තිබුණි.
දුප්පතුන්ගේ පැත්ත ගෙන කොන්දේසි විරහිතවම දේව කාරියට කැපවි සිටි ඇතැම් කතෝලික පියතුමන්ලා ගැන එතරම් පැහැදිමකින් නොසිටි කාර්නල් හිමියන් දැන අංශක 180 ක්ම කැරකි රැඩිකල් වෙමින් ඇතැයි මිගමුවේ සිවිල් ක්‍රියාකාරිකයෙකු මිපුර අමතා කියා සිටියේය.
හැබැයි කාර්දිනල් හිමියන් ඔය කියන දුප්පතුන් වෙනුවෙන් කැපවෙන්න ලැස්ති පියතුමන්ලා එදා නම් මිගමුවේ හිටියා දැන් එහෙම අය හොයාගන්න එක තමයි අමාරුව යැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
කාර්නල් හිමියන් උතුරේ සහ නැගෙනහිර දුප්පතුන් වෙනුවෙන්ද කැපවෙනවාදැයි තවදුරටත අසන්නට සිදුව ඇතැයිද ඔහු අවධාරණය කර සිටියේය.