ඔන්චිල්ලාවෙන් ආ මාරයා පුතු රැගෙන යයි

0
49

මේ ශෝචනීය පුවත වාර්තා වන්නේ කලුවාරිප්පුව ප්‍රදේශයෙනි. දැනට දින දෙකකට පෙර සිය නිවසේ තිබූ ඔන්චිල්ලාව පදිමින් සිටි පස්හැවිරිදි  පිරිමි දරුවෙකු  එම ඔන්චිල්ලාවේම කඹයේ සිරවීමෙන්  පසු අසාධ්‍ය තත්ත්වයෙන් මීගමුව රෝහලට ඇතුළත් කර තිබූණි.  ඒ අවස්ථාවේදී අසල කිසිවකුත් සිට නොමැති අතර  දරුවාගේ මව පැමිණ බලන විට එසේ ඔන්චිල්ලාවේම ලණූව ඇඹරී ගෙල සිරවී සිටි දරුවා දැක තිබේ.
දින දෙකක් පමණ මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මේ පිරිමි දරුවා අද පෙරවරුවේදී මිය ගියේය. වාර්තා වන අන්දමට ඔහුව  අද විද්‍යාලංකාර විද්‍යාලයේ පළමු වසරට ඇතුළත් කිරීමට නියමිතව සිට ඇත.
මේ ආකාරයට ඔන්චිල්ලාවට සිරවී මියගිය පළමු දරුවා  ඔහු නොවන අතර මීට පෙර ද මෙවැනි ශෝකජනක සිදුවීමක් වෙනත් ප්‍රදේශයකින් වාර්තා විය. මෙවැනි  සිදුවීම් වලින්  පෙනෙන්ෙන්  කුඩා දරුවන් පිළිබද දැනට වාඩා  අවධානයෙන්  සිටිය යුතු බවයි.  2013 වසරේදී මීගමුව පිටිපන ප්‍රදේශයෙදී ද කුඩා දරුවෙකු කලපුවට වැටී මියගියේය.