ඔන්ලයින් වීසා මගින් ආගමන විගමනයට රු.කෝට් 200ක ආදායමක්

0
146

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙත ගුවන්තොටුපලේදීම ඔන්ලයින් වීසා නිකුත් කිරීම මගින් පසුගිය වසරේදී (2017) ආගමන හා විගමන දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 200ක ආදායමක් ඉපයීමට සමත්වී ඇත.

මින්පෙර පැවැති තමන්ගේ රටේ ඇති තානාපති කාර්යාල මගින් වීසා ලබාගැනීමේ ක්‍රමවේදයට සාපේක්ෂව ඔන්ලයින් වීසා ලබාගැනීමේ ක්‍රමවේදය මගින් ප්‍රමාදයකින් තොරව වීසා ලබාගැනීමේ හැකියාව ලැබී ඇති නිසා විදේශ සංචාරකයින් අතර එය බෙහෙවින් ජනප්‍රිය වී ඇතැයි ආගමන හා විගමන පාලක ජනරාල් එම්.එන්.රණසිංහ මහතා පැවසීය.

උතුරු කොරියාව සිරියාව වැනි රටවල් කිහිපයකට හැර ලොව අන් සෑම රටකින්ම පැමිණෙන විදේශිකයින්ට ගුවන්තොටුපළේදීම ඔන්ලයින් වීසා ලබා ගත හැකි අතර ඔන්ලයින් වීසා නිකුත් කිරීම එළඹෙන අප්‍රේල් මස 1දා සිට වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා එහි පරිගණක පද්ධතිය මේ දිනවල නවීකරණය කරගෙන යන බවද වාර්ථා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here