ඔබටත් අාතරයිටීස්ද ?

0
648

Who-gets-Osteoarthritis

ආතරයිටිස් (Artheritis) නොහොත් සන්ධි ප්‍රදාහය නමින් හදුන්වන්නේ මිනිස් සිරුරේ සන්ධි, මාංශපේෂි, බන්ධනී, සහ පටක කෙරෙහි බලපාන විශාල ප්‍රමාණයක තත්වයන්වල එකතුවකි.නවීන වෛද්‍ය විද්‍යාව මගින් මෙවැනි ප්‍රදාහයන් 40පමණ ප්‍රමාණයක් හදුනාගෙන ඇත. මේ ප්‍රභේද අතරින් වාත අමාරු/ සන්ධිපත් වේදනාව/ රක්තවාතය/ආම වාතය/බෙල්ලේ වේදනාව/කටී වාතය/ලෙස විවිධ අවස්ථාවලදී සිංහල භාෂාවෙන්ද හදුන්වන අස්ථි ප්‍රදාහයට සම්බන්ධ රෝගී තත්වයන් විශාල ප්‍රමාණයක් ඇත.

ප්‍රාථමික හා ද්විතීයික වශයෙන් හටගන්නා අස්ථි ප්‍රදාහය සැබැවින්ම ප්‍රදාහමය තත්වයක් (Inflammatory disease) නොවුවද සන්ධි හා ඒ ආශ්‍රිත පටක එනම් සන්ධිය (joint), සන්ධී කොපුව (joint capsule), සන්ධි කොපුව තුල පිහිටි අස්ථි කොටස් මතුපිට කාටිලේඡ ආවරණය (Articular cartilage) සහ කාටිලේඡ කොටස් වලින් ආරණය වූ අස්ථි කෙළවර (subchondral bone) සියල්ලට යාන්ත්‍රිකමය තත්වයකට ලක්වීම (උදා – ඇතිල්ලීම/ ගැටීම හා බර දැරීම) හේතුවෙන් ඇති වන රෝගී තත්වයකි.

රෝග ලක්ෂණ මොනවාද

  • වේදනාව (Pain)
  • දරදඬු අනම්‍ය හා තද ගතිය (Stiffness)
  • ඉදිමීම (Swelling)
  • විකෘති වීම (Detormity)
  • ක්‍රියාකාරකම් (නැවීම, දිගහැරීම,) අඩපණ වීම. (Loss of ability to move)
  • අතින් තදකලවිට ඇත් වන වේදනාව (Tenderness)
  • සන්ධි ඇතුලත දියර එකතු වීම. (Joint effusion)

Osteo

අස්ථී ප්‍රදාහය වැළදෙන්නේ වියපත් අයට පමණක්ද ?

එය එසේ නොවන අතර සැම දෙනාටම අස්ථි ප්‍රදාහය වැළදෙන්නේ නැත. පහත සඳහන් පුද්ගලයන්ට අස්ථි ප්‍රදාහය වැළඳීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමක පවතී.

  • අස්ථී මත හා කාටිලේඡ මත ඇති ප්‍රත්‍යස්ථතාව හීන අය.
  • මධුමේහය /දියවැඩියාව ඇති අය.
  • රූමැටික සන්ධි ප්‍රදාහය වැනි කාලීන ප්‍රදාහයන් ඇති අය.
  • සන්ධී තුලට විශබීජ ඇතුළු වූ ඉතිහාසයක් ඇති අය.
  • අස්ථි භග්නයක පසු ප්‍රථිඵලයක් ලෙස.
  • වෙනත් රෝග තත්වයන් ඇති අය. (Alkaptonuria, Marfan syndrome, Wlilson’s disease, Ehlers- Danlos syndrome)

ප්‍රතිකාර කවරේද?

මෙවැනි රෝගීන් සඳහා බොහෝ විට නිර්දේශ කෙරෙනුයේ වේදනා නාශක ඹෟෂධ සහ ස්ටිරොයිඩ නොවන ප්‍රතිප්‍රදාහක ( NSAIDS – Non Steroidal Anti Inflammatory Drugs) වර්ගයයි. රෝග කළමණාකරණය කර ගැනීමේදී මෙම ඹෟෂධ උපකාරී වූවත් දීර්ඝකාලයක් භාවිතා කිරීමෙන් නොයෙකුත් සංකූලතා ඇතිවිය හැක. අස්ථිප්‍රදාහයට ප්‍රතිකාර ඹෟෂධ වලට පමණක් සීමා නොවේ. ඹෟෂධ වලට අමතරව ඒ හා සමගාමීව යන ව්‍යායාම , විවේකය, අනවශ්‍ය සිරුරේ බර අඩුකර ගැනීම, පහසුව ගෙනෙන ශිල්පීය ක්‍රම සන්ධි ආරක්ෂාකිරීම සඳහා විශේෂ උපකරණ භාවිතය යන කරුණු රාශියක් ඇත. ඉතාමත් බරපතල ලෙස හානි වූ සන්ධි ඇති වැඩිහිටියන් සඳහා සැත්කම් මඟින් කෘතිම සන්ධී යෙදීමද සිදුකෙරේ.

මේ සඳහා සුදුසු භෞතචිකිත්සා ප්‍රතිකාර මොනවාද?

  • සන්ධි සංචලනය (Joint mobilisation)
  • ව්‍යායාම පංතිය (Exercise prescription)
  • විද්‍යුත් ප්‍රතිකාරය (Electro therapy)
  • ජල චිකිත්සාව නොහොත් ජලයේ කෙරෙන ව්‍යායාම.
  • ආධාරක උපකරණ හා පතුරු භාවිතය.
  • රෝගය කළමණාකරණය කරගැනීම සඳහා අවශ්‍ය අධ්‍යාපනය ලබා දීම.

 

physical-activity-dimentiaවෛද්‍යරයා සඟරාව ඇසුරෙන් සැකසුම -මිතිලායා ගමගේ

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here