”ඔබට ගෙයක් රටට හෙටක්” වැඩසටහනින් තලාහේනේ නාලිකාටත් නිවසක් !

0
134

තලාහේන නිවාස(11.00 am ) ඔබට ගෙයක් රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ මීගමුව ආසනයේ තලාහේන මේරි නාලික සජිවනි මහත්මිය වෙනුවෙන් ඉදිකරන ලද නිවස ඊයේ ( 18 ) භාර දි තිබුණි.
මේ අවස්ථාව සදහා නිවාස රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ , හිටපු ධිවර නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න ,හිටපු පළාත් සභා මන්ත්‍රි එම්. සකාවුල්ලාද එක්ව සිටියහ.
මීගමුව මහනගර සභාවේ පොහොට්ටු නාගරික මන්ත්‍රිවරයෙකු වන රංජිත් නාගරික මන්ත්‍රිවරයාද මේ අවස්ථාවට සභභාගි වෙමින් නිවාස රාජ්‍යඇමතිවරයාගේ වැඩපිළිවෙල ඉතා ඉහලින් අගේ කරමින් කථාවක්ද  පවත්වා  තිබුණි.
ඔහු නිමල් ලංසාගේ සමිපතම මන්ත්‍රිවරයෙකු බවද කියැවේ