”ඔබට මා විශ්වාස නම් මා වැළඳගන්න” – මුස්ලිම් තරුණයෙකු පැරීසියානුවන් වෙත දෑත් දිගුකරයි

0
119

Screen_Shot_2015-11-18_at_12.54.11_AMhttps://www.facebook.com/inthenowrt/videos/545378905612483/

පැරීසියට එල්ලවූ ISIS සටන්කාමීන්ගේ ප්‍රහාරය හේතුකොට  එරට වැසියන් තුළ වෙලීගත් බිය,කෝපය,වේදනා පසුතැවීම් නිර්මාණයකර ඇති පසුබිමේ  දහස් ගණනක්  අනාථ වූ සිරියානුවන් යුරෝපයට සංක්‍රමණය වීමට උත්සාහා දරමින් සිටින්නේ යුරෝපය තුළ අලුත් ජීවිතයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුව ඇතිවය.  පැරිස් ප්‍රහාරය හේතුවෙන් පැරීසිය මෙන්ම යුරෝපා රටවල් කැලඹී ඇති අතර  සිරියාව සම්බන්ධයෙන් නව මෙහෙයුම් හා එක්ව ප්‍රහාර එල්ලකිරීමටද  ආරම්භ වී ඇති අතර ඒ සම්බන්ධව තවදුරටත් ලෝක නායකයින් අදහස් පළකරමින් සිටිති. මෙවන් පසුමිකදී ඇති එම රටවල් තුළ සිටින මුස්ලිම් ජාතික පුරවැසියන් සම්බන්ධයෙන් ඇතිවිය හැකි අනාරක්ෂිත භාවය හා විරෝධාකල්ප, කුමන අතකට පෙරලේවිදැයි යන කුතුහලය  මුස්ලිම් ජාතිකයන් මත මේ වනවිට  පතිතවී ඇති භ්‍රාන්තියකි.
එමෙන්ම පැරීසිය තුළ ඊයේ වන විට මුස්ලිම් භීතිකාවක් මුල්කරගත් සිදුවිම් කීපයක් වාර්තා වූ සමහර මාධ්‍යයන් විසින් හෙලිදරව් කරන ලදී. දුම්රියක ගමන්ගත් මුස්ලිම් කාන්තාවක් පිරිමියෙකු විසින් තල්ලුකිරීමක් සිදුවී ඇති අතර තවත් තර්ජනාත්මක දුරකථන ඇමතුමක් පිළිබඳව සමාජ මාධ්‍ය හෙළිදරව් කරන ලදී. මෙවන් පසුබිමකදී සිදුවූ තවත් විශේෂ සිදුවීමක් සාමජ මාධ්‍යජාලා විසින්  වාර්තා කරන ලදී.
මුස්ලිම් ජාතික තරුණයෙකු සිය ඇස් ආවරණය කර ගත් රෙදිකඩක් සහිතව පැරීසියේ වීදියක දර්ශනය වූවේ ප්‍රංශ බසින් ලියවුණ පාඨයක්ද සමගිනි.  එහි ලියා තිබුණේ ‘මම ත්‍රස්තවාදියෙකු කියා මම පැවසුවත් ඔබට මාව විශ්වාස නම් මා වැළදගන්න ‘ යනුවෙනි.
මෙම අවස්තාවේදී ඔහු වටා පිරිසක් රැස්වන අතර තරුණ පැරීසියානු කාන්තාවක් ඔහුව වැළඳගනිමින් හඩාවැටෙන ඉතා සංවේදී මොහොතක් නිර්මාණය වේ. බොහෝ දෙනෙකු ඔහුව වැළඳ ගනියි.
මෙම අවස්ථාව අවසානයේ ඔහු පැරීස් ජනතාව පිළිබඳව සිය සංවේදීභාවය ප්‍රකාශ කරමින් කියා සිටින්නේ ත්‍රස්තවාදය සහ මුස්ලිම් දහම අතර සම්බන්ධතාවය සපුරා පරස්පර බවත් මුස්ලිම් ජාතියෙකු යනු ත්‍රස්තවාදියෙකු කියා වරදවා වටහා නොගන්නා ලෙසයි.එමෙන්ම කිසිවෙකු තවත් පුද්ගලයෙකු ඝාතනය කරන්නට උත්සාහා දැරීම මුස්ලිම් ධර්මය තුළ කිසිම අවසරයක් නොමැති බව ඔහු අවධාරණය කර සිටියි. මෙම සිදුවීම  විසින් කියාපාන්නේ ත්‍රස්ත ප්‍රහාරය විසින් ප්‍රංශය  තුළ සාමාකාමීව ජීවත්වූ ජාතීන් දෙකක් අතර ඇති වී ඇති ප්‍රකම්පිතභාවයයි. ඔවුන් තුළ ඇතිවිය හැකි විශ්වාසය පළුදුවීම,දෙකඩවීම පිළිබඳ බිය නැතිකරලීම සම්බන්ධයෙන් මෙම තරුණයා තමන්ගේ හෘද සාක්ෂිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද්දේ මෙසේය.

https://www.facebook.com/inthenowrt/videos/545378905612483/