ඔබේ ජංගම දුරකථනය හොලොග්‍රෑම් ප්‍රොජෙක්ටරයක් බවට පත්කරගන්නේ මෙහෙමයි.

0
44

ඔබ නරඹා ඇති චිත්‍රපට වල ඔබ දැකලා ඇති හොලොග්‍රෑම් තාක්ෂණයෙන් හිස් අවකාශයේ ත්‍රිමාණ රූප රටා මැවෙන අපූරුව. ඉතින් මේ දේවල් දිහා ආසාවෙන් බලාගෙන හිටපු ඔබට නිකමටවත් සිතෙන්නට නැතුව ඇති මේ වගේ දෙයක් අපිට ගෙදරදීම ඇත හදා බලන්න පුළුවන් කියලා. මේකට අපිට අවශ්‍ය වන්නේ පුංචි දේවල් කිහිපයක්. ඕගොල්ලෝ ඉවතලන පරණ CD තැටි වුනත් මේ වැඩේට යොදාගන්න පුළුවන්.

ප්ලාස්ටික් CD කවර, හොඳින් කැපෙන බ්ලේඩ් පිහියක්, කතුරක්, සෙලෝටේප්, ප්‍රස්තාර කොලයක්, ස්මාර්ට් ජංගම දුරකතනයක් සහ පෑනක් විතරයි මේ වැඩේට ඕන වෙන්නේ. මේ වැඩේ කරන්නේ කොහොමද කියලා මේ විඩියෝවෙන් ඕගොල්ලොන්ට බලාගන්න පුළුවන්. මුලින්ම තියෙන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයේ අච්චුවක් ප්‍රස්තාර කොලයේ ඇඳගන්න එක. වීඩියෝවේ පෙන්වන්නේ 1cm , 3.5cm සහ 6cm ප්‍රමාණයේ අච්චුවක් සාදාගන්නා ආකාරයයි. නමුත් ඔබට මේ මිනුම් අගයන් දෙගුණයක් හෝ තුන් ගුණයක් දක්වා විශාල කර වුවත් ඇඳ ගැනීමට පුළුවන්. ඊට පස්සේ ප්ලාස්ටික් CD කවරය අරගෙන ඒක පිරිසිදු කරලා අපේ අච්චුව තියලා අවශ්‍ය හැඩය කපාගන්න තියෙන්නේ. කපන කොට ටිකක් පරිස්සමට කපාගන්න. මේ සඳහා වැඩිහිටියෙකුගේ උදව් ලබාගත්තත් කමක් නෑ. ඊට පස්සේ තියෙන්නේ මේ කපාගන්න ප්ලාස්ටික් කෑලි ටික හරියට අලවගන්න එක. මේක ඔබේ ජංගම දුරකථන තිරය මත නිසියාකාරව තබා කාමරයේ විදුලි පහන් නිවාදමා මේ සඳහා සුදුසු ආකාරයේ වීඩියෝ පටයක් දුරකථන තිරය මත ක්‍රියාත්මක කරන්න. මේ සඳහාම සැකසුනු වීඩියෝ පට ඔබට අන්තර්ජාලයෙන් සොයාගැනීමට පුළුවන් වෙයි.

 

මේක අත්හදා බලලා වැඩේ සිරාවට ගියා ද කියල අපිට කියන්න අමතක කරන්න එපා.

උපුටාගැනීම sira .lk