ඔබ යුගයක්ම විය

0
134

ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී
සිටියෙහිය ඔබ
දකුණු ලක ජාතිවාදී බලවතුන්ගේ හා
ඉන්දීය අධිරජවාදීන්ගේ හා
ගෝලීය ධන වැද්දන්ගේ
රැවිලි ගෙරවිලි හමුවේ
උතුරේ දෙමළාගේ
නැගෙනහිර මුසල්මානුවාගේ
වතුකරයේ වතු දෙමළාගේ
යටපත් කර තිබෙන
අභිමන ඔසවාලන්නට
පෙරට තැබූ අඩිය
දශමයකින්වත්
නොහරවා ආපස්සට
ඔබ සමඟ එක පෙළට
සිට ගත්ත උන් නොයෙක් වර
දුවන විට මංමුලාවී
බලයටම යටවී
මිනිසත් බව මකාගෙන
ජාතිවාදී මඩ ගොහොරුවටම
රතු නෙළුමක්ය ඔබ
ඉන් උඩට මතුවන
අවසන
උත්පාද පිඨිභංග
නියරටම එකඟව
අපෙන් සමුගන්නා තුරුම
ඇත්තෙන්ම ඔබ
බාහුමය වික්‍රම විකුම් පෑ . ….

ස.බ.වෙල්ගම