ඔමික්‍රොන් වෛරසයෙන් රට බේරාගැනිමට පාලකයන්ට බැරි වෙයි ?

0
96

අද උදේ වරුවේ පුවත් පළකරමින් මාධ්‍ය කියා සිටියේ ඔමික්‍රෝන් වෛරසය ලංකාවේ මායිමටම පැමිණ ඇති බවය.

දැන් වාර්තා වන්නේ පළමු ඔමික්‍රෝන් රෝගියා මේ වන ලංකාවෙන් විට වාර්තා වි තිබේ.

ඔහු දකුණු අප්‍රිකාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු යැයි නිව්ස් වයර් වෙබ්අඩවිය වාර්තා කර ඇත.

කොවිඩ් විකෘති ප්‍රබේදය වන ඔම්කොන් වයිරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා හඳුනාගෙන ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසු බව දලිඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

එම පුද්ගලයා දකුණු අප්‍රිකාවේ සිට ලංකාවට පැමිණි අයෙක් බව තහවුරු කරගෙන ඇති අතර කටුනායක ගුවන්තොටුපලට අනුබද්ධිත ඒ.ඒ.එස්.එල් හොස්පිනෝම් පී.සී.ආර්. පරීක්ෂණාගාරයේ සිදුකළ පරික්ෂාවක දී මෙම රෝගියා හඳුනාගෙන ඇත.

මීට සතියක පෙර පළමුවරට දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වනවිට ලොව රටවල් හා පාලන කලාප 31කට ව්‍යාප්ත වී තිබේ.

පසුගිය පැය 24දී ප්‍රංශයෙන්, දකුණු කොරියාවෙන්, ඝානාවෙන්, ග්‍රීසියෙන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්ද ඔමික්‍රෝන් ආසාදිතයන් සොයාගැණුනි.

පිස්සන්ට හැතැක්ම නැති සේ සංචාරක කර්මාන්තය දියුණු කිරිම ගැන හිතන සංචාරක ඇමති කෙනෙකු සිටින රටක තවත් බොහෝ දේ විමට බැරිනැත.

එපමණක් වෛරසය රටට ඇතුලු විම පාලනය කිරිමට නිසි ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට මාධ්‍ය සංදර්ශණ පාලකයන්ගෙන් රටට දැන් අත්වෙමින් ඇති ඉරණමට වඩා හොද අතට සිදුවන වෙනසක් කිසිදාක දැකිය නොහැකි බව දැන් දිනපතාම ඔප්පු වෙමින් තිබේ.

ගණිතඥයන් ඇවැසි තැනට නැට්ටුවන් පැමිණි විට සිදුවන දේ වත්මන් පාලනය යටතේ අප අත්දකමින් සිටින්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here