ඔයිල්, භූමිතෙල් සමග කෑම කවන කඩයක් ගැන ඔත්තුවක් !

0
78

 

????????????????????????????????????

මිනිස් පරිභෝජනය සදහා නුසුදුසු අපිරිසිදු ආහාර ලබාදෙන වෙළඳුන් සොයා පසුගිය දිනවල මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු වැටලීම් කළ අතර  එවැනි ස්ථානයන් පවත්වාගෙන ගිය වෙළදුන්ට එරෙහිව නඩුදමා දඩ අයකිරීමක්ද කරන සිදුකරන ලදී.

නමුත් ලෙල්ලම අසල මහ පාලම අවසන් වන තැන ඇති ඔයිල් සහ භූමිතෙල් බෙදාහරින ස්ථානයේ  කෑම පිනිස බත් ඇතුළු වෙනත් ආහාර වර්ගද විකුණන අයුරු දැකිය හැක.
මෙය මහජනතාවගේ සෞඛ්‍යයට  ඍජුවම බලපාන බව නොකිව මනාය.
එසේ තිබියදී මෙම ස්ථානය පරීක්ෂක මහතුන්ගේ ඇස නොගැටුනේ ඇයිද?
මේ පිළිබඳව අප අවස්ථා කිපයදිම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ අවධානයට යොමුකළද එය ප්‍රථිපල රහිත විය
මේ ගැන අප යළිත් වරක්  අප ප්‍රදේශය භාරව කටයුතුකරන මහජන සෞඛ්‍ය පරික්ෂක විජේසිංහ මහතා විමසන්නට යෙදුනේ එබැවිනි.
ඔහුට අනුව මෙම ස්ථානයේ කෑම විකිණීමට කිසිදු අවසරයක් දී නැතිබවත් , මේ පිළිබඳව විමසා බලා මෙය නතර කිරීමට කටයුතු යොදන බවත් විජේසිංහ මහතා අප සමග පැවසීය.
මේ ගැන අදාල සියළු බලධාරින් නිසි පියවර ගනු ඇතැයි මිපුර අප අවධානයෙන් සිටිමු.