රන්පදක්කමකින් සිය පියාණන්ට ගෞරවය පුදකල කේලි මැකුවන් …

0
186
217590145 354826409683533 8451736900304111280 n
224810986 354835299682644 4914878852694224172 n

තවමත් 20 හැවිරිදි වියේ පසුවන ඔස්ට්‍රේලියාවේ කේලි මැකුවන් තමන්ගේ පියාට යුතුකම් ඉටුකරමින් මෙවර ඔලිම්පික් උළෙලේදී ඔහුට රන් පදකමක් හිමිකර දුන්නාය.. කේලි මැකුවන්ගේ පියා වන ෂොල්ටෝ මැකුවන් 2018 සිට මොලයේ පිළිකාවක් හේතුවෙන් දැඩි පිඩා විදීමින් සිට පසුගිය 2020 අගෝස්තු මාසයේදී මොලොවින් සමු ගන්නා ලදී ..තම ආදරණිය පියාණන් වසර 2 මොලයේ ඇති වූ පිළිකාවකින් විදි පිඩාව සියැසින් දුටු කේලි මැකුවන් හඩන්නට විය ..

නමුත් පියා කේලි මැකුවන් ගෙන් ඉල්ලා සිටියේ හොදින් පුහුණුවීම් කරමින් තම අරමුණ ජයගන්නා ලෙසයි.කේලි මැකුවන් තම පියාගේ අභාවය ඉතා දැඩිව දැනෙන්නට වූ අතර පසුව ඇය තීරණය කලේ තම පියාගේ වෙනුවෙන් තමා කැපවීමෙන් පුහුණුවීම් සිදුකර පියාගේ අරමුණ ඉටුකරන බවයි.

තම පියා සිහිවීම සදහා ඇයගේ පාදයේ I WILL BE ALLWAYS WITH YOU (මම සෑම විටම ඔබ සමගයි ) යනුවෙන් සදහන් වැකියක් පාදයේ සටහන් කර ගෙන තිබුනි.කේලි මැකුවන් පවසන්නේ තමන්ට සැම තරගයකට පෙර එම වැකිය දැකිය හැකි බවත් , ඒ තුලින් සිය පියාණන් සිහිවන බවත් , තමන්ගේ මීටර් 100 පසුපස ආර පිහිනුම් ඉසව්වේ අවසන් මීටර 50 අවසන් කිරීමට තම පියාගේ සහය තමන්ට හිමිවන බවයි.අවසානයේ ඇය මීට වසර දෙකකට පෙර තමා හැරගිය තම ආදරණිය පියාට සිය ගෞරවය හා ආදරය පුදකරන ලදි.

ඒ ජපානයේ ඔලිම්පික් උළෙලේ මීටර් 100 පසුපස ආර පිහිනුම් ඉසව්වේ නව ඔලිම්පික් වාර්තාවක්ද තබමිනි. කේලි මැකුවන් නම් තවමත් 20 හැවිරිදි මේ යෞවනිය අපට කියාපාන්නෙ නොපසුබට උත්සාහය අධිෂ්ඨානය සහිතව තම අරමුණ කරා පියනගන්නේනම් ජයග්‍රහණය නියත බව නොවේද.
(සිසිර සේනාපතිගේ ෆේස් බුක් පිටුවෙනි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here