ඔවිටියාවත්ත කුණු ගොඩට අයිතිකරුවන් 4 දෙනෙක් ?

0
69

ඡායාරූප/එම්.ඉෂෙඩ් සාජහාන්/
අද (පෙබ.02) පෙරවරුවේදී කොච්චිකඩේ ඔවිටියාවත්ත , පල්ලන්සේන යන ප්‍රදේශ වල ජනතාව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ අත්සන් දෙසිය ගණනකින් යුත් පෙත්සමක් බාරදි තිබුණි. ඒ මීගමුව මහ නගර සභාව විසින් ඕවිටියාවත්ත ප්‍රදේශයේ ඉඩමකට කුණු කසල බැහැර කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කරමිනි. මෙම අවස්ථාවේදී එම ස්ථානයට මෙම ඉඩමේ නීත්‍යානුකූල හිමිකරුවන් ලෙස පුද්ගලයන් හතරදෙනෙකු පැමිණ සිට ඇති අතර එක් පුද්ගලයෙකු මහ නගර සභාව සමග යම් යම් එකගතාවයකට පැමිණ ඇති බවට ද ඇති ආරංචිය එහිදී ජනතාව විසින් විමසා ඇත. ඔහුට එම අවස්ථාවේ දී රැස්ව සිටි පිරිසගේ විරෝධය එල්ලවී ඇති අතර එම ඉඩමේ අනෙක් හිමිකරුවන් මෙම කුණු දැමීමට එකහෙලාම විරුද්ධ බව ප්‍රකාශ කර ඇත. DSC07465මෙම නඩුව පෙබරවාරි 05 වනදාට නැවත අධිකරණයේදී පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here