ඔසරිපොට ඇල්ලීමට පාසල් සිසුන් යොදාගැනීම ගැන ළමා රක්ෂණ අධිකාරියෙන් පරීක්ෂණයක්.

0
168

ඊයේ දිනයේදී (21) මහනුවර ගන්නනෝරුව ප්‍රදේශයේ පැවැති විවාහ මංග්‍යය අවස්ථාවකදී එම මනාලිය විසින් ඇති ඔසරියේ ඔසරි පොට ලොව දිගම ඔසරි පොට ලෙස ගිනස් වාර්ථා පොතට ඇතුලත් වීමට දැරූ උත්සාහයකදී එම සැතපුම් ගණනාවක් දිග ඔසරියේ පොට අල්ලා ගැනීමට පාසල් සිසුන් 250ක් සහභාගී කරවා ගැනීමේ සිදුවීම සම්බන්දයෙන් වන පැමිණිල්ලක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇති අතර ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් වාර්ථා වනවා.

මේ ආකාරයෙන් ළමුන් හිංසා වන ආකාරයේ ක්‍රියාවන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අනුමත නොකරන අතර  එවැනි හිංසන සිදුවීම් පිළිබඳව වහාම 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා පැමිණිලි කරන ලෙසද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටී.

image_c8028022a5

 

ඡායාරූප -www.lankadeepa.lk