ඔහු සිරගතකර අදට දින 100ක්!

0
71

රජයෙන් තාවකාලිකව ලැබුණු කුළී නිළ නිවසක ජීවත්වෙමින්..
කුළියට ගත් වෑන් රථයක ගමන් බිමන් යන..
දුප්පතෙකු ලෙස ජීවත්වූ
ලංකාවේ සුපිරිම නලුවා වූ ඔහු,
ලක්ෂ ගණනින්
පිහිටක් අවැසි මිනිසුන් හට මුදල් බෙදා දුන්..
රටම ලොක්ඩවුන් කළ මොහොතේ, ජනතාවගේ දොරකඩටම තම ධනයෙන් ආහාර බෙදාදුන් පොහොසතෙකු විය.

කවුරුත් කතා නොකරන ඇත්ත කතා කළ ඔහු,
පැත්තක් නොගෙන දූෂණයට එරෙහි විය..

ඉතිහාසය පුරා මෙවැනි මිනිසුන්ට හිමි වූයේ,
මරණය හෝ සිරගෙදරය..

ඒ ඉතිහාසය
තවදුරටත් දිගුවෙමින්,
රන්ජන් රාමනායකටත්
සිරකුටියක පීඩාව හිමිවිය.

දහස් ගණනකට කන්න දුන් මිනිසෙක්ගෙන්,
“කෑවාද”යි අසන්නට
අද කිසිවෙකුට නොහැක..

ලක්ෂ ගණනකට පිහිට වූ මිනිසෙක්ගෙන්,
“ඔබට උවමනා මොනවාද” අසන්නට කිසිවෙකුට ඉඩක් නැත..

ඇත්ත කියපු මිනිහෙක්
හිරේ ගිහින් අදට දින සියයයි..
ඉතිං රන්ජන් අයියේ,
“ඔබට ස්වභාව ධර්මයේ
සාධාරණය ලැබේවා”යන්න
අප සැමගේ පැතුමයි!