ඕවිටියාවත්තට පිටපළාත් වල අපද්‍රව්‍ය – රියදුරන් අත්අඩංගුවට ?

0
41

කොච්චිකඩේ ඔවිටියාවත්ත නම් ප්‍රදේශයට , පිට පළාත් වලින් කුණු කසල මහා පරිමානයෙන් බැහැර කිරීම සම්බන්ධයෙන්  එම ප්‍රදේශයේ ජනතාව විසින්  2012 වසරේදී  විරෝධතාවයක් දක්වා එම ක්‍රියාවලිය  නවත්වාලන ලදී. ඉන් පස එම ස්ථානයට පිට පළාත් වලින් අපද්‍රව්‍ය ගෙන ඒම නවත්වන ලදී. මෙසේ තිබියදී   අද දින එම ප්‍රදේශයට නැවතත්  කුණු බැහැර කිරීමේ රථ දෙකක් පැමිණ ඇති අතර එම අපද්‍රව්‍ය වල තිබී ඇත්තේ  ඝාතනය කරන ලද කුකුල් සම් හා ඉවතට දමන සත්ව කොටස්  බව වාර්තා වේ. මේ අවස්තාවේදී මෙම ස්ථානයට රැස්වී ඇති ඕවිටියාවත්ත ප්‍රදේශයේ ජනතාව මෙම කුණු එම ප්‍රදේශයට බැහැරකිරීමට විරෝධය දක්වා ඇති අතර පසුව එම ස්ථානයට කොච්චිකඩේ පොලීසිය ද  පැමිණ වාහන වල රියදුරන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම රථ දෙකෙන් එක් රථයක් මීගමුව නගර සභාවට අයත් බවද එහි ජූඩ් නමැති රියදුරකු සිටි බවද ජනතාව පවසයි.  මෙම විරෝධය දැක්වූ ජනතාව විසින් ‘ මේවා ගෙනාවේ කාගේ අණකටද කියා  විමසූ විට එම  රියදුරන් පවසා ඇත්තේ නාගරික මන්ත්‍රී දයාන් ලංසා ගේ අන පරිදි තමන් මෙම කුණු ගෙන ආ බවයි.  මෙම අපද්‍රව්‍ය පිට ප්‍රදේශ වලින් පටවාගෙන ආ  ඒවා බවද ප්‍රදේශවාසීන් පවසති.  මේ වන විට රියදුරන් දෙදෙනා කොච්චිකඩේ පොලීසිය විසින් හෙට දිනයේ උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතය.DSC01385-224x300
DSC01397-300x225
http://www.meepura.com/stories/6693