ඕවියාවත්තට කුණු දැමු ලංසා,කොළඹ කුණු එපා කියයි !

0
136
kunu issue 3
කොචිචිකඩේ ජනයා මිගමුවේ කුණු එපා කියමින් විරෝධය දැක්වු අයුරු

ඇමති ලංසා දැන් ක්‍රියාකරන්නේ නින්දෙන් ඇහැරුණු කෙනෙකු ලෙස යැයි අප අමතා කථ කළ කොච්චිකඩේ ප්‍රදේශයේ අයෙක කියා සිටියේය.
මෙසේ ඔහු මිපුරට අදහස් කියා සිටියේ මේ දිනවල ඇමති නිමල් ලංසා දැලතුර ප්‍රදේශයට කොළඹ කුණු ගෙනඒමට විරෝධය පළකරන ජනතා අරගලයට ගොස් කොළඹ කුණු එපා යැයි කියමින් ජනතාවගේ චණ්ඩියෙකු ලෙස කරන රගපැම රුපවාහිනයෙන් දැකිමෙන් පසුවය.
තවදුරටත් ඔහු කියා සිටියේ පසුගිය කාලයේ කොච්චකඩේ ඕවියාවත්තට මීගමුවේ  කුණු බැහැර කිරිමට විරෝධය පළකරමින් කොච්චිකඩේ ජනයා විරෝධය පළකරන ලද අවස්ථාවේ එහි පැමිණි එවකට පළාත් සභා ඇමති නිමල් ලංසා එහි සිටි අයට තර්ජනය කරමින් කුණු දැමු අයුරු අපට අමතක නැතැයි කියාය