Articles ඕස්ට්‍රෙලියාවේ ඉදන් මීගමුවේ දේශපාලනය කිරිම? By fgamage - 2017 January 27 0 220 FacebookWhatsApp මිගමුවේ දේශපාලනය තුල දැන් ඇත්තේ දාම් සෙල්ලමකි.මෙහි එක් ප්‍රබල අයෙකු දැන් සිටින්නේ ඕස්ට්‍රෙලියාවේය.ලංසා පවුල දැන් සිටින්නේ කොයිපැත්තේදැයි අප පසුගිය දිනක ප්‍රශ්ණ කර සිටියේ කොච්චිකඩේ දි එය විසදාගැනීමට නියමිත බවය.ඒ අනුව අපඑදා කියා සිටියේ ලංසා පවුල සිටින්නේ මහින්ද පිළේ බවය.එහි පැමිණි මහින්ද පිලේ ප්රබලයෙකු පවා කියා සිටියේ ඇමති නිමල් ලංසා සිටින්නේ මහින්ද පිල සමගින් බවය.ඇමති ලංසාගේ විවිධ වරදාන ලැබු සහ තවමත් ලබන නාගරික මන්ත්‍රීන් පිරිසක්ද එදා කොච්චිකඩේ පැවැති මහින්ද පිලේ රැස්විමට ගොස් තිබුණි.එහි ගිය දායන් ලංසා කියා සිටියේ 27වෙනිදා මහින්දගේ රැළියට යාම සදහා බස් 10ක් තමන්ගේ අනුග්‍රහයෙන් ලබාදෙන බවය.මේ සියළු දේවල් මෙසේ වර්ධනය වුයේ ඇමති ලංසාගේ උපදෙස් පිට බව ඉතා පැහැදිලිය .එමෙන්ම අද පැවැත්වෙන නුගේගොඩ රැළිය කෙසේ හෝ මගහැරිය යුතුය යන පණිවිඩය සිය මලයා වෙත යලිත් පැමිණෙන්නේද ඕස්ට්රෙලියාවේන්ම විය යුතුය.දයාන් ලංසා ඊයේ දිනයේ රට හැරයන්නේ මේ උපදෙස් අනුව විය යුතුය .දැන් මතුව ඇති කරුණ වන්නේ ඕස්ට්‍රෙලියාවෙන් මේ පණිවිඩය ආවේ ඇයිද යන්නයි.විමල්ට පසු නිමල්ගේ නම ඉදිරියට පැමිණෙන්ට නියමිතව තිබුණ නිසාද.?