ඕස්ට්‍රේලියාවට පනින්න උත්සාහ කළ හේතුව ඥාතීන් පැහැදිලි කරති

0
80

මුහුදු මාර්ගයෙන් අනීතිකව ඔස්ට්‍රේලියාවට සංක්‍රමනය වීමට ගොස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පුද්ගලයින්ගේ පවුල් වල ඥාතීන්ගේ වීශේෂිත හමුවක් (අදනොවැම්බර් මස 05 වැනි සදුදා දින සවස මීගමුව ක්‍රිස්තු නිවසේදී පැවැත්විණි.

විශේෂයෙන්ම බහුදින ධීවර යාත්‍රා වලින් එලෙස ඔස්ට්‍රේලියාව බලා යාමට උත්සහ දරා දැනට මීගමුව ත්‍රිකුණාමලය හා කොළඹවැලිකඩ වැනි රක්ෂිත බන්ධනාගාරවල සිටින පුද්ගලයින්ගේ මව්පියන් බිරින්දෑවරු , දරුවන් සහ සහෝදර සහෝදරියන් ඇතුඵ ඥාතීන් 50 කට අධික පිරිසක් මෙම විශේෂ හමුවට සහභාගී වුහ.

මෙහිදී ඔවුන් ජනාධිපතිවරයා ඇතුඵ රජයේ පාලක දේශපාලඥයින් ඇතුඵ බලධාරීන්ගෙන් සහ නිලධාරීන්ගෙන් එක හඩින් ඉල්ලා සිටින්නේ අත්අඩංගුවේ පසුවන තම සැමියන්ට, දරුවන්ට, සහෝදරයින්ට හැකි ඉක්මනින් ඇප ලබා දීමට කටයුතු කර දෙන ලෙසයි.

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර මාස 04 ක් පමණ ඉක්මවු පුද්ගලයින්ද සිටින බවත් මේ පිරිසව මීගමුව සහ ත්‍රීකුණාමලය වැනි ප්‍රදේශ වලදී අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙහිදී ප්‍රකාශ විය. මේ වන විට තම පවුල් පෝෂණය කල තම සැමියන් , දරුවන්, සහ සහෝදරයින් නොමැතිව ජීවත් වීමට පවා නොහැකි තත්වයක් ඇති වී තමන් ඉතා අන්ත අසරණ තත්වයට පත්ව ඇති බවද මෙහිදී වැඩි දෙනෙකු අවධාරණය කළහ. විශේෂයෙන් මෙම පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් මෙරටේ සිට ජීවත් වීමට නොහැකි තැන මෙලෙස අනීතිකව හෝ ඔස්ට්‍රේලියාව වැනි රටකට යාමට පෙලඹුනු බව පවසන එම ඥාතීන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙරට තුල සැනසීමෙන්  තම පවුල් සමග ජීවත් වීමට ආදායමක් ලැබුනේ නම් ඔවුන් මෙලෙස තම ජීවිත අවධානම ගැන නොසිතා හෝ මෙලෙස අනීතිකව ඔස්ට්‍රේලියාව බලා යාමට උත්සහ නොකරන බවයි. ඒ නිසා ඔවුන් විශේෂයෙන් රජයෙන් ඉල්ලා සිටින්නේ තම ඥාතීන්ට ඇප ලබා දී රක්ෂිත බන්ධනාගාර වලින් නිදහස් කර දෙන ලෙසයි. එමෙන්ම ඔවුන් රජයෙන් සහ වගකිව යුත්තන්ගෙන් ප්‍රශ්න කරන්නේ මංකොල්ලකරුවන්, මත්කුඩු ව්‍යාපාරිකයන්, ස්ථීර දුෂකයින් සහ මීනීමරුවන් වැනි භායනක සපරාධි අපරාධකරුවන්ව අත්අඩංගුවට ගෙන ඉතාම කෙටි කාලයකින් ඇප ලබා දී රක්ෂිත බන්ධනාගාරයෙන් නිදහස් කරන්නේ නම්, රටේ පවතින ආර්ථික දරිද්‍රතාවය හමුවේ ඕස්ට්‍රේලියාවට යන්න හැදු තම ඥාතීන්ට ඇප ලබා දී රක්ෂිත බන්ධනාගාරයෙන් නිදහස් නොකරන්නේ ඇයිද යනුවෙනි.

එලෙසම ඔවුන් වැඩි දුරටත් අවධාරණය කරන්නේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තම ඥාතීන්ට ඉතා ඉක්මනින් ඇප ලබා ගැනීම පිණිස තමන් මෙම ඥාතී හමුව   ඉදිරියේදී ඉතා පුඵල්ව සංවිධානය කරන බවයි. ඒ අනුව ලබන නොවැම්බර් 11 වැනි ඉරු දින ද ඔවුන් නැවත මීගමුව කොටුව පිට්ටනියේදී තවත් විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතය.